උතුරු කොරියානු න්‍යෂ්ටික යුධ බලය හෙළි කලොත් සීතල යුද්ධය නවත්වනවා ! | Colombocall උතුරු කොරියානු න්‍යෂ්ටික යුධ බලය හෙළි කලොත් සීතල යුද්ධය නවත්වනවා ! - Colombocall

Hot News

උතුරු කොරියානු න්‍යෂ්ටික යුධ බලය හෙළි කලොත් සීතල යුද්ධය නවත්වනවා !







උතුරු කොරියාව තමන් සතු සියලූ න්‍යෂ්ටික වත්කම් ලොවට හෙළි කළ යුතු බව අමෙරිකාව පවසනවා.

අමෙරිකාවේ උතුරු කොරියානු විශේෂ නියෝජිත ස්ටෙෆන් බීගන් පවසන්නේ අමෙරිකාව සහ උතුරු කොරියාව යම් එකගතාවයකට එළඹෙන්නේ නම් ඊට ප්‍රථම තමන් සතු න්‍යෂ්ටික අවි පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් සකසා එය ලබා දීමට උතුරු කොරියාව කටයුතු කළ යුතු බවයි.

දෙරට අතර පවතින  සීතල යුද්ධය නිමා කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් බැවින් උතුරු කොරියාව ද ඊට සහය දැක්විය යුතු බව අමෙරිකානු නියෝජිතයා පෙන්වා දී තිබේ.

මේ අතර උතුරු කොරියානු නායකයා හා තමා අතර පැවැත්වීමට නියමිත දෙවන හමුව සඳහා ඉතා ඉක්මනින් දිනයක් හා ස්ථානයක් ලබා දෙන බවද ජනාධිපති ට්‍රම්ප් ඊයේ දිනයේ ප්‍රකාශ කර තිබෙනවා.