හතුරුසිංහ සල්ලි බලෙන් පුහුණුකරු තනතුරේ රැඳෙයි ! මාසික වැටුප කෝටියකට ආසන්නයි | Colombocall හතුරුසිංහ සල්ලි බලෙන් පුහුණුකරු තනතුරේ රැඳෙයි ! මාසික වැටුප කෝටියකට ආසන්නයි - Colombocall

Hot News

හතුරුසිංහ සල්ලි බලෙන් පුහුණුකරු තනතුරේ රැඳෙයි ! මාසික වැටුප කෝටියකට ආසන්නයි







ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ලෝක කුසලානය තෙක් සිය ධුරයේ රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර‍යි.

දිගින් දිගටම ලබනා පරාජයන් වැලකින් අනතුරුව, එම පරාජයන්ට එක් හේතුවක් වූ චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට බලධාරීන් තීරණය කළේය. කෙසේ වෙතත් එම තීරණයට එකග නොවූ හතුරුසිංහ මාසිකව රුපියල් කෝටියකට ආසන්න වැටුපක් ලබනා සිය තනතුරෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළේය.

ඉන්පසුව හතුරුසිංහ බලධාරීන්ගේ තීරණයට එරෙහිව ප්‍රබලම නිතීඥ සහයද ලබා ගත්තේය. මේ අනුව හතුරුසිංහ ඉවත් කිරීමේ තීරණය වෙනස් කර ගැනීමට බලධාරීන්ට සිදුව තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර තරග 30 කින් ජය ගෙන ඇත්තේ තරග හතක් පමණි. චන්දික හතුරුසිංහ රුපියල් ලක්ෂ හැත්තෑ පහකට අධික මුදලක් වැටුප් ලබමින්ද, තවත් අමතර දීමනා රැසක් ලබමින් පුහුණුකරු සේවයේ කටයුතු කළද කණ්ඩායම තුල ආගම්වාදී පදනමකින් කටයුතු කරනවා යැයි චෝදනා එල්ල විය.

නවසීලන්තය සමග පැවැති එක්දින තරගාවලියට ශ්‍රී ලංකාව සතු හොදම වේග පන්දු යවන්නෙක් වන සුරංග ලක්මාල් කපා දැමීමද, උපුල් තරංග කණ්ඩායමෙන් ඉවත් කීරිම පිළිබඳව හතුරුසිංහට මෙලෙසින් ආගම්වාදි පදනමකින් ක්‍රීඩකයන් ඉවත් කරනවායැයි චෝදනා එල්ල විය.

මේ අනුව එලබෙන ලෝක කුසලානය තෙක් චන්දික හතුරුසිංහට මාසිකව රුපියල් ලක්ෂ 75ක් සහ ලබා දෙන සෑම වාර්තාවකටම ලක්ෂ 60ක මුදලක් ගෙවීමට ක්‍රිකට් ආයතනයට සීදුව තිබේ