ගිණි අවි නිෂ්පාදනාගාරයක් වටලයි ! හැකියාව වෙනුවෙන් අවස්ථාවක් නෑ ! | Colombocall ගිණි අවි නිෂ්පාදනාගාරයක් වටලයි ! හැකියාව වෙනුවෙන් අවස්ථාවක් නෑ ! - Colombocall

Hot News

ගිණි අවි නිෂ්පාදනාගාරයක් වටලයි ! හැකියාව වෙනුවෙන් අවස්ථාවක් නෑ !






නිකවැරටිය ගොන්නගස්වැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධි ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීගලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

 අදාළ ගිනි අවි නිෂ්පාදනාගාරයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් නිමවන ලද බෝර 12 මැෂින් එකක්, ගිනි අවි බඳ කොටස් 02ක් ඇතුළු ගිනි අවි නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (05) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ බොහෝ දෙනෙක් කියා සිටින්නේ ලංකාවේ ක්‍රමය අනුව මෙවන් නව හැකියාවෙන් යුතු නව නිපැයුම් සිදු කරන අයට ලංකාව තුළ නීතියෙන් අවස්ථාවක් නොමැති බවයි.