LNG බලාගාර ටෙන්ඩරයෙන් රවී අනාථ වෙන ලකුණු ! ජනාධිපති කමිටුවක් පත් කර වැඩේට බසියි ! | Colombocall LNG බලාගාර ටෙන්ඩරයෙන් රවී අනාථ වෙන ලකුණු ! ජනාධිපති කමිටුවක් පත් කර වැඩේට බසියි ! - Colombocall

Hot News

LNG බලාගාර ටෙන්ඩරයෙන් රවී අනාථ වෙන ලකුණු ! ජනාධිපති කමිටුවක් පත් කර වැඩේට බසියි !






 මීට මාසයක පමණ පෙර සිට මහත් කතාබහකට ලක් වූ කෙරළවලපිටිය එල්.එන්.ජි.බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද(26) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා  වෙන්නේ.

LNG බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳ මතු වී ඇති පරස්පර විරෝධී මත හේතුවෙන් ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කර ඇති බව සඳහන් වෙනවා.

අදාළ කමිටුවට අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක, මලික් සමරවික්‍රම, රවී කරුණානායක සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන් පත් කර ඇති අතර, කමිටු වාර්තාව සතියකින් ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා එම කමිටුවට දැනුම් දී තිබෙන්නේ.


අමාත්‍ය රවී කරුණානායක අත්තනෝමතික ලෙස ඉදිකිරීමට නියමිත මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු කෙරවලපිටිය LNG බලාගාරය නියමිත ටෙන්ඩර් ක්‍රියාදාමය උල්ලංඝනය කරමින් චීන සමාගමකට පැවරීම නිසා, රටට රුපියල් මිලියන 90,000ක පමණ අලාභයක් සිදුවන බවත් එහිදී කොමිස් වශයෙන් රවී කරුණානායක කෝටි 300 ක් ලබාගන්නා බවත් කියවී තිබුණා.

 ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම් කාර්ය මණ්ඩල වෘත්තීය සමිතිය විසින් ද පසුගිය දා චෝදනා එල්ල කෙරුණා.

කෙසේ වෙතත් රවි කරුණානායක ඇමැතිවරයා  ඉකුත් 12 වැනිදා මේ සම්බන්ධයෙන් වන අදාළ කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩල අනුමැතිය සඳහා යොමු කර තිබූ අතර, එම පත්‍රිකාවේ චීන සමාගම සමග වන ගිවිසුමේ ඉතාම වැදගත් කොටස වන ගාස්තු පිළිබඳ තොරතුරු අන්තර්ගත කොටස ඇතුළත් කර නැති බවටයි වාර්තා වෙන්නේ.