ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
ඒ, දෙවන වසර සිසුන් පිරිසක් ලබාදුන් බව කියන නවකවද සිද්ධියක් මුල් කරගනිමින්.
නේවාසිකාගාරවල සිටින සිසුන් හෙට උදෑසන 7 ට පෙර ඉන් ඉවත් වියයුතු බවටද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් දන්වා තිබෙනවා.
මේ අතර කළමණාකරණ පීඨයේ සිසුන් සදහා සියයට 80 පැමිණීම අනිවාර්ය කිරීම හේතුවෙන් ඊට සිසුන් විරෝධය දක්වා ඇති බවද වර්තා වෙනවා.