"උස්මාන් ෂින්වාරි" ක්‍රිකට් වාර්තා පොත් අළුත් කරයි ! හේතුව දුර්වල පන්දු යැවීම | Colombocall "උස්මාන් ෂින්වාරි" ක්‍රිකට් වාර්තා පොත් අළුත් කරයි ! හේතුව දුර්වල පන්දු යැවීම - Colombocall

Hot News

"උස්මාන් ෂින්වාරි" ක්‍රිකට් වාර්තා පොත් අළුත් කරයි ! හේතුව දුර්වල පන්දු යැවීම










දුර්වල පන්දු යැවීම හේතුවෙන් පකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක උස්මාන් ෂින්වාරි ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා.

ඒ, පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉතිහාසයේ පකිස්තාන පන්දු යවන්නෙකු තරගයකදී ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව හේතුවෙන්.

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවන පන්දුවාර 20 තරගයේදී උස්මාන් ෂින්වාරිගේ පන්දුවාර 04ට දකුණු අප්‍රිකානු පිතිකරුවන් ලකුණු 63ක් රැස් කළා.

මෙම තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලීගේ පන්දුවාර 04ට දකුණු අප්‍රිකානු පිතිකරුවන් ලකුණු 48ක් රැස් කිරීමට ද සමත්වුණා.

එය සටහන් වූයේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉතිහාසයේ පකිස්තාන පන්දු යවන්නෙකු තරගයකදී ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දුන් වැඩිම හත්වන ලකුණු සංඛ්‍යාව ලෙසයි.