හැමදාම පාසල් ශිෂ්‍යාවගේ නිළ ඇඳුම යටින් රහස් තැන් අල්ලන කුලියාපිටියේ විදුහල්පති ! සම්පූර්ණ කතාව මෙන්න | Colombocall හැමදාම පාසල් ශිෂ්‍යාවගේ නිළ ඇඳුම යටින් රහස් තැන් අල්ලන කුලියාපිටියේ විදුහල්පති ! සම්පූර්ණ කතාව මෙන්න - Colombocall

Hot News

හැමදාම පාසල් ශිෂ්‍යාවගේ නිළ ඇඳුම යටින් රහස් තැන් අල්ලන කුලියාපිටියේ විදුහල්පති ! සම්පූර්ණ කතාව මෙන්න




පාසල තුළදීම සිසුවියක ලිංගික අතවරයට ලක්කළ බව කියන කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු ඊයේ (25) කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල විදුහල්පතිවරයා අවස්ථා ගණනාවකදීම එම සිසුවියට  විවිධ බලපෑම් සිදු කළ බව සිසුවිය පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවියක් පාසලේ පඩි පෙළක් නැඟ එමින් සිටියදී අතවරයට ලක් කළ බව කියමින් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව කුලියාපිටිය නගරයට නුදුරු ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කුලියාපිටිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිනිය විසින් සිද්ධිය වූ බව කියන තරප්පු පෙළ හා ඒ අවට පරිශ්‍රය  නිරීක්ෂණය කර සිද්ධිය සම්බන්ධව කිහිපදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන්  අනතුරුව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා සාවිත්‍රි  සිරිමාන්න, සැරයන් දයාරත්න, කාන්තා පොලිස් සැරයන් චන්දිමා, කාන්තා පොලිස් කොස්තාපල් දමයන්ති යන නිලධාරීන් විසින් අදාල සිදුවීම සම්බන්ධායන් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් මෙම අතවරයට ලක් වූ දැරියගේ යෙහෙළියක් මෙසේ අදහස් දක්වා තිබුණා.

" සර් හැමදාම වගේ අපේ පන්තිය පැත්තට එනවා. ඒ හැම වෙලාවකම යාළුවා දිහා හොරෙන් බලනවා. එයා ඒකට වැඩි කැමැත්තක් තිබුනෙ නෑ ඒත් සර් නිසා මුකුත් කියන්න ගියෙ නෑ.

 ඒත් එන්න එන්නම සර්ගෙ බලපෑම වැඩි වෙලා තිබ්බා කියලා මට හිතෙනවා. සර් දවස් කිහිපයක් අපේ පඩිපෙළ ගාවදී යාළුවව තියාගෙන කතා කර කර ඉන්නවා මං දැක්කා.ඒත් මං අහන්න ගියෙ නෑ.

දවසක් සර් කරපු වැඩක් නිසා යාළුවා බය වෙලා වගේ ආවා. ඇවිල්ලා ඩෙස් එකේ ඔළුව තියාගෙන ටිකක් වෙලා ඉද්දී මං ඇහුවා ඇයි මොකද්ද ප්‍රශ්නෙ කියලා ?

එතකොට එයා කියුවා ,

සර් එහා පැත්තේ රූම් එක ගාවදි එයාගෙ ගවුම උස්සලා බලන්න ඕනෙ කියුවා.මං බෑ කියුවා.ඒත් එයා බලෙන්ම ඒක කරා. ඒ මදිවට රහස් තැනත් අතින් ඇල්ලුවා හලෝ.මට මොකද්ද වුණා එතකොට.විනාඩි දෙකක් විතර සර්ගෙ අත තිබුණෙ මගෙ ගවුම ඇතුලෙ. අනේ මං කොහොමද මෙහෙම ඉස්කෝලෙ එන්නෙ.ඇයි එයා මෙහෙම මටම වද දෙන්නෙ.

මං කියුවා එතකොට අපි මේ ගැන අම්මලාට කියමුයි කියලා.ඒත් එයා කියුවේ එහෙම වුනොත් සර් එයාගෙන් පළි ගනීවි ආයේ ඉගනගන්නත් බැරි වේවි ය කියලා. තව දවසක් සර් යාලුවගෙ අත අරගෙන බලෙන්ම සර්ගෙ සාක්කුවට දාලා  මහ නරක වැඩක් කරලා තිබ්බා.

ඊට කලින් සතියකත්  උදේම එයාට එන්න කියලා ඔෆිස් රුම් එකේදී එයාගේ ඇඟ අතපත ගාලා බලලා තිබ්බා. යට ඇඳුම් ඇඳලද ඉස්කෝලෙ එන්නෙ.මට පෙන්නන්න කැමති නැද්ද වගේ අනවශ්‍ය නරක කතා ගොඩක් එයාට කියලා තිබ්බා.ඊට පස්සෙත් එයාගේ ගවුම ඇතුළට අත දාලා රහස් තැන් ඔක්කොම සර් අතගාල තිබ්බා.ඒක සර්ට පුරුද්දකට ගිහින් තිබ්බෙ.

 ඔය වගේ සමහර සිද්ධි එයා මට කියනවා හිතේ පීඩනය නැති වෙන්න. මං මේ ගැන වැඩිහිටි අය දැනුවත් කරමු කියුවම එයා කියනවා නෑ එහෙම එපාමයි කියලා.ඒ හින්දා මාත් එයා කියන දේවල් අහගෙන උන්නා මිසක් කාටවත්ම මුකුත් කියන්න ගියෙ නෑ. "

කෙසේ නමුත් මෙවන් අශීලාචාර ක්‍රියා සිදු කරන පුද්ගලයින් හට තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතු බව අපගේ මතයයි