කෙල්ල නානවා රෙකෝඩ් කරපු කොල්ලට වුණ දේ මෙන්න ! | Colombocall කෙල්ල නානවා රෙකෝඩ් කරපු කොල්ලට වුණ දේ මෙන්න ! - Colombocall

Hot News

කෙල්ල නානවා රෙකෝඩ් කරපු කොල්ලට වුණ දේ මෙන්න !







ජා ඇල ඒකල ප්‍රදේශයේ  කර්මාන්ත පුරය අසල ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන තරුණියන් පිරිසක්‌ ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ ජල ටැංකියකින් දිය නාමින් සිටියදී, ඒ අසළ නිවසක වහලයකට නැගී වීඩියෝ ගත කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාත්‍රී 8.00 ට පමණ එම තරුණියන් දිය නාමින් සිට ඇති අතර එම අවස්ථාවේදී අදාළ 28 හැවිරිදි තරුණයා වී‍ඩියෝ කැමරාවක්ද අතැතිව  අසල නිවසක වහලයක්‌ උඩ සිටියදී  ප්‍රදේශවාසීන් විසින් ගස්‌ බැඳ ජා - ඇල පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ සිටි පොලිස්‌ නිලධාරීන්ට භාර දී තිබෙනවා.

ජා ඇල ඒකල අඩි 60 ප්‍රදේශයේ  නවාතැන්ගෙන සිටින ඇඟලුම් සේවිකාවන් සඳහා ස්‌නානය කිරීමට හතර පැත්තෙන් තහඩු ගැසූ ආවරණ කුටි නිර්මාණය කර ඇති අතර එවැනි ස්ථානයක දියනාමින් සිටියදී අදාල තරුණයා එම අවස්ථාව වීඩියෝ ගතකර ඇති බවයි සඳහන් වන්නේ‍