ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ යළිත් වෙනසක් ! | Colombocall ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ යළිත් වෙනසක් ! - Colombocall

Hot News

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ යළිත් වෙනසක් !







ශ්‍රී  ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ යළිත් වෙනසක් සිදුවනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

නව ටෙස්ට් නායකයා ලෙස ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පත් කරනු ඇති බවයි  වෙත වාර්තා වුණේ.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරග 02දී දිමුත් කරුණාරත්න ශ්‍රී  ලංකා සංචිතයේ නායකත්වයට පත්කර ඇති බවද වාර්තා වනවා. 

ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරයට එක්වූ පිතිකරුවන් කිහිපදෙනෙකු ද දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතර දිනේෂ් චන්දිමාල්, රොෂේන් සිල්වා සහ සධීර සමරවික්‍රම යන ක්‍රීඩකයින් ද සිටින බව සඳහන්. ඔවුන් වෙනුවට පළමු පෙළ තරගවල දක්ෂතා අතර සිටින ඇන්ජලෝ පෙරේරා, මිලින්ද සිරිවර්ධන, කෞෂාල් සිල්වා සහ උපුල් තරංග ද දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් ශිරාජ් ද ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව සඳහන්. 

මේ අතර දිනේෂ් චන්දිමාල් තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට ද තීරණය කර ඇතැයි ද වාර්තා වනවා. ඒ, සිය පිතිකරණ දුර්වලතා මගහරවා ගැනීමේ අරමුණින්.

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරයෙන් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු තමන් එම සංචාරයෙන් ඉවත් කළේ මන්දැයි ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසා ඇති බවට ද වාර්තා පළ වනවා. පළමු පෙළ තරගවල දක්ෂතා දක්වා යළි ජාතික කණ්ඩායමට පැමිණෙන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එම ක්‍රීඩකයාට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.