ඩිෆෙන්ඩරයේ ආපු නිළිය බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති හප්පා පළා යයි ! | Colombocall ඩිෆෙන්ඩරයේ ආපු නිළිය බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති හප්පා පළා යයි ! - Colombocall

Hot News

ඩිෆෙන්ඩරයේ ආපු නිළිය බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති හප්පා පළා යයි !







බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව අද (24) පෙරවරුවේ අනතුරකට ලක් කර විෆෙන්ඩර් රථයක් පළා ගොස් තිබෙනවා.

අනතුරට පත් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ බම්බලපිටියේදීයි.

බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

කෙසේ නමුත් එම ප්‍රදේශයේ පුද්ගලයකු ප්‍රකාශ කර තිබුනේ,  "ඇතුළේ හිටියේ නිළියක් වගේ ලස්සන නෝනා කෙනෙක්.කළු කණ්නාඩි එහෙම දාලා උන්නෙ.ඒ එක්කම විනාඩියකට විතර පස්සේ තව ඒ වගේ ජිප් එකක් වේගෙන් ගියා. කොයික මහත්තයාව හැප්පුවද දන්නෙ නෑ." ලෙසයි.