මඳූෂ්ගේ සගයා මොහොමඩ් නවුෆර් කොටු වෙයි ! | Colombocall මඳූෂ්ගේ සගයා මොහොමඩ් නවුෆර් කොටු වෙයි ! - Colombocall

Hot News

මඳූෂ්ගේ සගයා මොහොමඩ් නවුෆර් කොටු වෙයි !






ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඞ් නවුෆර් මොහොඞ් අලී නමැති පුද්ගලයෙක්.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 480 ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.