චීවර පොරවාගෙන නිරාගමිකයන් සහ මුස්ලිම් අන්තවාදීන් බෞද්ධ දර්ශනය කෙළෙසන හැටි හෙළිවේ ! ස්වාමීන්වහන්සේලාට බනින්න එපා ! | Colombocall චීවර පොරවාගෙන නිරාගමිකයන් සහ මුස්ලිම් අන්තවාදීන් බෞද්ධ දර්ශනය කෙළෙසන හැටි හෙළිවේ ! ස්වාමීන්වහන්සේලාට බනින්න එපා ! - Colombocall

Hot News

චීවර පොරවාගෙන නිරාගමිකයන් සහ මුස්ලිම් අන්තවාදීන් බෞද්ධ දර්ශනය කෙළෙසන හැටි හෙළිවේ ! ස්වාමීන්වහන්සේලාට බනින්න එපා !






කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිමිනමක් හෙරොයින් පානය කරමින් සිටියදී හෙරොයින් පැකට්‌ එකක්‌ සමග අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි.

මතුගම අගලවත්ත ප්‍රදේශයේ උපන් සැකකාර හිමිනම වයස 50 ක අයෙකි. හොරණ ප්‍රදේශයේ භාවනා මධ්‍යස්‌ථානයක ලැඟුම් ගෙන සිට ඇති අතර එහිදී රෝගාතුර වී මෙලෙස රෝහල්ගතවී ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

වාට්‌ටුව භාර හෙදි නිලධාරිනි මෙම හිමිනම වැසිකිළිය තුළ හෙරොයින් පානය කරනු දැක රෝහල් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්‌ස කොට්‌ඨාස භාර සහකාර පොලිස්‌ අධිකාරි ෂෂ සමන්ත වෙදගේ මහතාගේ අධීක‌ෂණයෙන් කොහුවල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක එච්. එම්. සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‌ෂණ සිදුකරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියා සිටියේ එම හිමිනම කුඩු ගසා බණ කීමට ඇති බවත් එය භයානක තත්ත්වයක් බවත්ය. එමෙන්ම මෙය එක් ආගමකට සීමා නොවන බවත් බුද්ධි අංශ තොරතුරුවලට අනුව සෑම ආගමකටම මුවා වූ පිරිසක් මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටින බව හෙතෙම කීය.

තවද බුද්ධ දර්ශනය විනාශ කිරීමට නිරාගමිකයන් ලෙස පෙනී සිටින උදවිය සහ මුස්ලිම් අන්තවාදී පිරිස්  සිවුරු සොයාගෙන ඒවා පොරවා චීවරධාරීන් ලෙස පෙනී සිටිමින් මෙවන් කටයුතු වල නියැලෙන බවටත් අනාවරණය වී තිබෙනවා.

මීට පෙර අවස්ථාවක අරුවක්කාළු කසල රඳවනයට විරුද්ධව චීවරයක් පොරවාගෙන විත් ජනතාව කුපිට කරමින් හැසිරිනු මුස්ලිම් පුද්ගලයෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව වාර්තා වුණා.

 කෙසේ වෙතත් බෞද්ධ දර්ශනය තුළ තිබෙන නිදහස් බව නිසා ඕනෑම පුද්ගලයකුට මෙවන් ක්‍රියා කිරීමට පහසු බවත් බොහෝ දෙනෙක් කියා සිටිනවා.

මෙවන් තත්වයක් යටතේ හරි වැරැද්ද නොසොයා ස්වාමීන්වහන්සේලාට චෝදනා කිරීම වැරදි බවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසනවා.