බැසිල් සාකච්ඡාව මග හරී ! ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂකකම නිසා රාජපක්ෂ පවුලේ සීතල යුද්ධය එළියට ! | Colombocall බැසිල් සාකච්ඡාව මග හරී ! ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂකකම නිසා රාජපක්ෂ පවුලේ සීතල යුද්ධය එළියට ! - Colombocall

Hot News

බැසිල් සාකච්ඡාව මග හරී ! ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂකකම නිසා රාජපක්ෂ පවුලේ සීතල යුද්ධය එළියට !





රාජපක්ෂ පවුල තුළ අභ්‍යන්තරයේ ඇතිව තිබූ සීතල යුද්ධය මේ වන විට කෙමෙන් කෙමෙන් එළියට ඒමට පටන් ගෙන තිබෙනවා.


එනම්


ඊයේ (07)රාත්‍රියේ පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය ජී එල් පීරිස් මහතාගේ නිවසේ පැවැත්වීමට යෙදුනු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කිරීමේ සාකච්ඡාව සඳහා බැසිල් රාජපක්ෂ එක් නොවුනු බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියද බැසිල් රාජපක්ෂ මහතා නොපැමිණීම හේතුවෙන් ඔහුගෙන් ඒ පිළිබඳව විමසන විට මුලින් රාත්‍රී 8ට පමණ පැමිණෙන බව සඳහන් කලද, රාත්‍රී 9.00 වන තුරුත් නොපැමිණීම හේතුවෙන් කලබල වී තිබෙනවා.

පසුව යළිත් වරක් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඒ පිළිබඳව විමසන විට ලදුව ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම සාකච්ඡාවට නොපැමිණෙන බවයි.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා නොමැතිව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සාකච්ඡා කිරීම කල නොහැකි බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇති අතර ඉන්පසු පැමිණ සිටි පිරිස රාත්‍රී ආහාරය ගෙන විසිර ගොස් තිබෙනවා.