තම රථය ඉස්සර කල නිසා පොලිසියට පහර දුන් චන්ඩි චමින්ද සොයා කණ්ඩායමක් පිටත් වෙයි | Colombocall තම රථය ඉස්සර කල නිසා පොලිසියට පහර දුන් චන්ඩි චමින්ද සොයා කණ්ඩායමක් පිටත් වෙයි - Colombocall

Hot News

තම රථය ඉස්සර කල නිසා පොලිසියට පහර දුන් චන්ඩි චමින්ද සොයා කණ්ඩායමක් පිටත් වෙයි






පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බණ්ඩාරවෙල පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවේ ඒ සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර හැර ඇති බවයි.

මන්ත්‍රීවරයාට අමතරව සිද්ධියට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයන බව ද ඔහු සඳහන් කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ රියදුරා මේ මස 18 වැනිදා දක්වා ඊයේ (11) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පෙරේදා (10) රාත්‍රියේ මන්ත්‍රීවරයා කළ පහරදීමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකු තුවාල ලැබුවා. ඒ, බණ්ඩාරවෙල වටරවුම අසළදී පොලිස් ජීප් රථය,   චමින්ද විජේසිරි පැමිණි ජීප් රථය පසුකර යාම හේතුවෙන්.

අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී  චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලිසිය කථානායකවරයා වෙත ඊයේ දිනයේම දැනුම් දී තිබුණා.