වැලන්ටයින් පසුවී ජපානයෙන් ලංකාවට දුන්නු වටිනා තෑග්ග | Colombocall වැලන්ටයින් පසුවී ජපානයෙන් ලංකාවට දුන්නු වටිනා තෑග්ග - Colombocall

Hot News

වැලන්ටයින් පසුවී ජපානයෙන් ලංකාවට දුන්නු වටිනා තෑග්ග







නාවිකයන්ට වෙරළාරක්‍ෂක පුහුණුව ලබාදීමේ විශේෂ නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපානය එකගතාව පළ කර තිබෙනවා.

ඒ, දිවයිනට පැමිණ සිටින ජපාන අගමැතිවරයාගේ ජාතික ආරක්‍ෂාව පිළිබද උපදේශක කෙන්ටාරෝ සොනොව්රා සහ ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා අතර පැවති සාකච්ඡාවකදීයි.

ජනාධිපති නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වුණා. වෙරළාරක්‍ෂාව සහ සමුද්‍ර ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ජපානයේ අඛණ්ඩ සහාය හිමිවන බව ජපාන අගමැතිවරයාගේ ජාතික ආරක්‍ෂාව පිළිබද උපදේශකවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.