පාසල් සිසුවිය රිසි සේ පෙම් සුව විඳිමින් සිටියදී මවට හසුවීමෙන් පෙම්වතාගේ කණ නෑ ! | Colombocall පාසල් සිසුවිය රිසි සේ පෙම් සුව විඳිමින් සිටියදී මවට හසුවීමෙන් පෙම්වතාගේ කණ නෑ ! - Colombocall

Hot News

පාසල් සිසුවිය රිසි සේ පෙම් සුව විඳිමින් සිටියදී මවට හසුවීමෙන් පෙම්වතාගේ කණ නෑ !




බළන්ගොඩ නගරයේ පිහිටි ප්‍රධාන විදුහලක 13 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක සිය පෙම්වතා නිවසට ගෙන්වා ගෙන රිසි සේ පෙම් සුව විඳිමින් සිටියදී සිය මවට හසුවීමෙන් අනතුරුව එම මව විසින් දියණියගේ පෙම්වතාගේ කණ සපා කා කන් පෙත්ත කඩාගෙන තිබෙනවා.

තම මව නිවසින් බැහැරට ගිය අවස්ථාවකදී ඇය සියා පෙම්වතා නිවසට ගෙන්වා ගෙන යහන මත අඩ නිරුවතින් පෙම්වතා වෙලාගෙන සිටි අවස්ථාවේ  මව නැවත හදිසියේම නිවසට පැමිණීමත් සමඟ තම දියණිය සමඟ පෙම්සුව විඳිමින් සිටින තරුණයා දුටු මව ඔවුන්ට බැන වැදී අවසානයේදී දියණියගේ පෙම්වතාගේ වම් කන සපා කන්පෙත්ත කඩා ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී නිවසින් පැනගත් සිසුවා ලේ පෙරෙන තුවාල සහිතව රෝහලට ගොස් ඇති අතර මව වෙන්වූ කනේ කොටසද රැගෙන වැලිගෙපොල පොලිසියට ගොස් සිද්ධිය පවසා තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිළධාරීන් විසින් කනේ කොටස රෝහල වෙත යැවූ නමුත් ඊට සිදුවූ හානිය බහුල නිසා බද්ධ කළ නොහැකි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

අදාල සිදුවීමට මුහුණ දුන් සිසුවා බළන්ගොඩ මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින අතර සිසුවියගේ මව හෙට (05) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට බළන්ගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.