ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අත් අඩංගුවට | Colombocall ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අත් අඩංගුවට - Colombocall

Hot News

ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අත් අඩංගුවට






අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, සැකකාර විදුහල්පතිනිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පාසලේ විදුහල්පති කාර්යාලය තුළදී සැකකාරිය අත්අඩංගුවට ගැණුනේ රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදීයි.
පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුළත් කර ගැනීම සඳහා සැකකාර විදුහල්පතිනිය එම අල්ලස ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසමේ ප්‍රකාශකයකු  කියා සිටියේ.