ලංකාවේ වේග පන්දු යවන්නන් ඕස්ට්‍රේලියාව අසරණ කරයි ! | Colombocall ලංකාවේ වේග පන්දු යවන්නන් ඕස්ට්‍රේලියාව අසරණ කරයි ! - Colombocall

Hot News

ලංකාවේ වේග පන්දු යවන්නන් ඕස්ට්‍රේලියාව අසරණ කරයි !









සංචාරක  ශ්‍රී  ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කැන්බරාහිදි අද ආරම්භ වුණා.

කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහර දෙන්නේ ඕස්ට්‍රේලියානු  කණ්ඩායමයි. ඒ අනුව මීට නොබෝ වේලාවකට පෙර ඕස්ට්‍රේලියානු  කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 03ක් දැවී ලකුණු 103ක් ලබා සිටියා.

ආරම්භක පිතිකරු මාකස් හැරිස් ලකුණු 11කට දැවී ගිය අතර උස්මන් කවාජා ලකුණු ලබා ගැනීමට පෙර විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

මානස් ලැබුස්කැග්නේ දැවී ගියේ ලකුණු 06කටයි.

 පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුළු 02ක් බිඳ හෙලූ අතර අද ටෙස්ට් වරම් හිමිකර ගත් චාමික කරුණාරත්න ද එක් කඩුල්ලක් දවා ගත්තා.