ඉතිහාසයේ විශාලතම බැංකු මංකොල්ලයට වසර හතරයි. මිලියන 90 000 ක පාඩුවක් කරමින් රවී දෙවනි පිම්ම පැනීමට සූදානම් ! | Colombocall ඉතිහාසයේ විශාලතම බැංකු මංකොල්ලයට වසර හතරයි. මිලියන 90 000 ක පාඩුවක් කරමින් රවී දෙවනි පිම්ම පැනීමට සූදානම් ! - Colombocall

Hot News

ඉතිහාසයේ විශාලතම බැංකු මංකොල්ලයට වසර හතරයි. මිලියන 90 000 ක පාඩුවක් කරමින් රවී දෙවනි පිම්ම පැනීමට සූදානම් !






රටේ ආර්ථිකයට බරපතල පාඩුවක් සිදුකරමින්, සිය ගජමිතුරන්ට අයුතු ලාබ ලබා දීමටත්, එමගින් තම මඩි තර කර ගැනීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ නායකයන් විසින් සැලසුම් කොට අර්ජුන් මහේන්ද්‍රන් ලවා සිදු කල පලමුවෙනි මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකොට අදට සිව් වසරක් සම්පූර්ණ වෙනවා.

2015 ජනවාරි 8 වෙනිදා බලයට පත්ව දෙමසක් සම්පූර්ණ වීමටත් පෙර 2015 පෙබරවාරි 27 වන දින මෙම මහා මංකොල්ලය සිදු කල අතර විගණකාධිපතිවරයාගේ මතය අනුව එදින පමණක් රටට සිදුවූ පාඩුව බිලියන ගණනකි. සම්පූර්ණ පාඩුව අති විශාලය.

 පොලී අනුපාත ඉහල යාම, මහ බැංකුව පිළිබඳ විශ්වාසය කඩවීම හරහා විදෙස් ආයෝජන වලට සිදුවූ බලපෑම, ඊටීඑෆ්, මහපොල වැනි අරමුදල් වලට සිදුවූ පාඩුව ඇතුලු සියල්ල ගණනය කිරීමේදී ඒ හරහා ආර්ථිකයට එල්ල වූ බලපෑම අතිවිශාලය. එය තවත් වසර 30 ක් පුරා ආර්ථිකයට බලපෑම් කරනු ඇති බව විද්වත් මතය වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් වගකීම ගෙන මහ බැංකු අධිපති ලෙස පත් කල අර්ජුන් මහෙන්ද්‍රන් මේ වනවිට රටින් පලාගොස් ඇත. තමන් අදාල ගනුදෙනුව සිදු කලේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත බව ඔහු කෝප් කමිටුවේදී මෙන්ම, බැඳුම්කර කොමිසමේදීද පැහැදිලිව ප්‍රකාශ කොට ඇත.

බැඳුම්කර කොමිසමේ වාර්තාව මේ වනතෙක් සම්පූර්ණ වශයෙන් ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාද අපොහොසත්ව සිටියි.

අග්‍රාමාත්‍යවරයාට අමතරව මලික් සමරවික්‍රම, රවී කරුණානායක, කබීර් හශීම් යන ඇමතිවරුන්ටද මෙම වංචාව සම්බන්ධව සෘජුව චෝදනා එල්ලවී තිබේ..

කෝප් කමිටුවේදී මෙම වංචනිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කල මන්ත්‍රීවරුන් “ෆුට්නෝට්” කල්ලිය ලෙස හැඳින්වූ අතර ඔවුන් අර්ජුන් ඇලෝසියස් සමග දුරකතන සබඳතා පවා පවත්වා තිබුණි. සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, හර්ෂන රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි යන එජාප මන්ත්‍රීවරුන්ට මෙසේ චෝදනා එල්ලවිය.

කෙසේ වෙතත් වත්මන් රජය යටතේ මෙම චූදිතයන්ට දඬුවම් ලැබීම සිදු නොවනු ඇති අතර ඔවුන්ට දඬුවම් දීම ජනතා අධිකරණයට භාර වනු ඇත.

මේ අතර  මෙම බැංකු මංකොල්ලය සමයේ මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක බලාගාර ටෙන්ඩරයක් ඔස්සේ මිලියන 90 000 ක පාඩුවක් ලංකාවට සිදු කර කෝටි 300 ක කොමිස් කුට්ටියක් ගිල දැමීමට  මාන බලමින් සිටියි.