2020 ඔලිම්පික් තරඟයක් තහනම් ! හේතුව ඉන්දියාව | Colombocall 2020 ඔලිම්පික් තරඟයක් තහනම් ! හේතුව ඉන්දියාව - Colombocall

Hot News

2020 ඔලිම්පික් තරඟයක් තහනම් ! හේතුව ඉන්දියාව







2020 ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්විමට නියමිතව තිබූ මිටර් 25 දුර වෙඩි තැබිමේ පුර්ව සුදුසුකම් තරගාවලිය අහෝසි කිරිමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තිරණය කර තිබෙනවා.

අදාල තරගය සදහා සහභාගි විමට නියමිත පකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනෙකු හට විසා නිකුත් කිරිම ඉන්දියානු බලධාරින් විසින් ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුවයි. එම පකිස්තානු ක්‍රීඩකයන් හට විසා නිකුත් නොකරන බව ඉකුත් සදුදා ඉන්දිය බලධාරින් දැනුම් දුන් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය  ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අදාල පකිස්තාන තරගකරුවන් දෙදෙනා සහභාගි විමට නියමිතව තිබු තරගාවලියේ සුදුසුකම් තරගය පමනක් අහෝසි කල බවත් ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවේ පැවැත්විමට නියමිත අනෙකුත් පුර්ව සුදුසුකම් තරග නියමිත පරිදි පැවැත්වෙන බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සදහන් කර තිබෙනවා. ඒ සදහා රටවල් 61ක් නියෝජනය කරමින් තරගකරුවන් 500ක් පමන මේ වනවිටත් ඉන්දියාවට පැමින සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

දේශපාලනික වශයෙන් රටවල් අතර කුමන මත ගැටුම් පැවතියද ඒ හමුවේ ක්‍රීඩකයන්ගේ මුලික අයිතිවාසිකම් කඩ විය යුතු නැතැයිද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සදහන් කර තිබෙනවා.

ඉන්දිය හමුදා සෙබලූන් පිරිසක් ඉලක්ක කර කාශ්මිරයේදි පසුගියදා එල්ල වු ප්‍රහාරයත් සමග ඉන්දිය පකිස්තාන සියලූ සබදතා මේ වනවිට පලූදු වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ රටවල් ද්විත්වයම ප්‍රහාරයකට වුවද සූදානමින් සිටින බවයි.