හිරුණිගෙන් මැරතන් තරඟයේ පදක්කමක් ලංකාවට. 2020 ඔලිම්පික් බලාපොරොත්තුව | Colombocall හිරුණිගෙන් මැරතන් තරඟයේ පදක්කමක් ලංකාවට. 2020 ඔලිම්පික් බලාපොරොත්තුව - Colombocall

Hot News

හිරුණිගෙන් මැරතන් තරඟයේ පදක්කමක් ලංකාවට. 2020 ඔලිම්පික් බලාපොරොත්තුව






ඇමරිකාවේ ඇරිසෝනා හිදී ඉකුත් දා පැවති මෙසා අර්ධ මැරතන් තරගයෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හිරුණි විජේරත්න සමත්වුණා.

 මෙරට මැරතන් හා අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව හිමිකම් කියන්නේද ඇයයි. 
හිරුණි මෙම ඉසව්ව නිම කළේ පැයයි මිනිත්තු 14 යි තත්පර 19 ක කාලයක් වැය කරමින්. 
ඇමරිකාවේ බ්‍රිට්නි ෆෙවර් එහි රන් පදක්කම දිනා ගත් අතර  බ්‍රිතාන්‍යයේ රෝසී එඞ්වඞ්ස් රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් වුණා. 
හිරුණි මෙහිදී දැක්වූ දක්ෂතාව මෙතෙක් මෙරට ක්‍රීඩිකාව අර්ධ මැරතන් ඉසව්වේ දී දැක්වූ දෙවැනි හොඳම කාලය ද වනවා. 
ඉකුත් වසරේ දී, හිරුණි මෙම තරගයේදීම ජයග්‍රාහිකාව වෙමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් වූයේ පැයයි මිනිත්තු 14 යි තත්පර 7 කින් තරගය ජය ගනිමින්.
කටාර් හී දෝහා නුවර දී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමේ අපේක්ෂාවෙන් මේ දිනවල පුහුණුවීම් සිදුකරන හිරුණි, 2020 ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ද පසු වනවා.