රේගුවේ වර්ජනය නිසා කන්ටේනර් 2000 ක් හිර වෙයි ! | Colombocall රේගුවේ වර්ජනය නිසා කන්ටේනර් 2000 ක් හිර වෙයි ! - Colombocall

Hot News

රේගුවේ වර්ජනය නිසා කන්ටේනර් 2000 ක් හිර වෙයි !








රේගු වෘත්තීය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 4 ක් ගත වී තිබෙනවා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ වරායේ බහලූම් දෙදහසක් පමණ සිරවී ඇති බවයි රේගු වෘත්තීය සමිති පවසන්නේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රජයට හිමිවන ආනයන බදු මුදල් ද අඩු වී ඇති බවයි රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ  පැවසුවේ.

රේගු වෘත්තීය සමිති මෙලෙස අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂ ජනරාල් පී එස් එන් චාල්ස් ඉන් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු පත් කිරීමට එරෙහිවයි.

 කෙසේවෙතත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර රේගු වෘත්තිය සමිති නියෝජිතයින්ට ඊයේ පවසා තිබුණේ අදාළ පත් කිරීම සිදුකර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව බවයි.