කුලියාපිටියෙන් මිලියන 120 කට අධික වටිනාකමකින් යුතු කුඩු තොගයක් අල්ලයි ! රුවන් ගුණසේකර සියල්ල හෙළි කරයි.-PHOTOS- | Colombocall කුලියාපිටියෙන් මිලියන 120 කට අධික වටිනාකමකින් යුතු කුඩු තොගයක් අල්ලයි ! රුවන් ගුණසේකර සියල්ල හෙළි කරයි.-PHOTOS- - Colombocall

Hot News

කුලියාපිටියෙන් මිලියන 120 කට අධික වටිනාකමකින් යුතු කුඩු තොගයක් අල්ලයි ! රුවන් ගුණසේකර සියල්ල හෙළි කරයි.-PHOTOS-







රුපියල් මිලියන 120කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 10ක් සමඟ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේ දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මෙවන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් අත් අඩංගුවට පත්ව සිටින මත් ද්‍රව්‍ය චෝදනා ලැබූවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හා ලැබෙන හදිසි දුරකථන ඇමතුම් හරහා මෙම වැටලීම් සිදු කරන බවත් ය.

දේශපාලන බලපෑම වලට යටත් නොවී නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට පොලිස් නිළධාරීන් මෙහෙයවන බවට මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියා.

බොහෝ දෙනෙක් පවසන්නේ රුවන් ගුණසේකර වැනි නිළධාරීන් ලංකාවට  අවශ්‍යම කාලය මෙය බවයි.

ඊට හේතුව වශයෙන් ඔවුන් පවසන්නේ දේශපාලන මත කනකට නොගෙන ජනතාව මෙම මත් උවදුරෙන් බේරා ගැනීමට ඔහු මාධ්‍ය ප්‍රකාශකට තනතුරට අමතරව සිදු කරන ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව දැක තිබෙන නිසා බවයි.

 කුලියාපිටියෙන් සොයාගත් මෙම කුඩු තොගයේ පින්තූර පහලින් බලන්න