පිටකොටුව තොග වෙළඳසැල් වසා දමමින් අද (05) හර්තාල් ව්‍යාපාරයක් ! | Colombocall පිටකොටුව තොග වෙළඳසැල් වසා දමමින් අද (05) හර්තාල් ව්‍යාපාරයක් ! - Colombocall

Hot News

පිටකොටුව තොග වෙළඳසැල් වසා දමමින් අද (05) හර්තාල් ව්‍යාපාරයක් !








කොළඹ පිටකොටුව තොග වෙළඳසැල් වසා දමමින් අද (05) දිනයේ හර්තාල් ව්‍යාපාරයක් සිදු කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය පවසනවා.

රේගු වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් සිය ආදායම්වලටද බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙන්දන්ගේ සංගමයේ ලේකම් ජී. ඉලමනාදන් මේ බව සඳහන් කළා.

රේගු වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 07ක් ගතව තිබෙනවා. අද (05) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී මෙම අර්බුදයට විසඳුමක් ලැබෙනු ඇති බවයි රේගු වෘත්තීය සමිති පවසන්නේ. රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සුදත් ද සිල්වා මේ බව පෙන්වා දුන්නා.

අද දිනයේ විසඳුමක් නොලැබුණහොත් සිය නිලධාරීන් අත්‍යාවශ්‍ය සේවාවලින්ද ඉවත් වන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.