"WhatsApp" සමාගම ව්‍යාජ පුවත් වෙනුවෙන් නීතිය අතට ගනී ! | Colombocall "WhatsApp" සමාගම ව්‍යාජ පුවත් වෙනුවෙන් නීතිය අතට ගනී ! - Colombocall

Hot News

"WhatsApp" සමාගම ව්‍යාජ පුවත් වෙනුවෙන් නීතිය අතට ගනී !





WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම සිදුවෙමින් පවතින අසත්‍ය "පුවත් සංසරණය" වැලැක්වීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

 ඒ අනුව එක් වරකට එක් අයකුට හුවමාරු කළ හැකි පණිවිඩ ප්‍රමාණය පහ දක්වා සීමා වෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී  ෆේස්බුක් සමාගමද මෙලෙස ව්‍යාජ පුවත් හා තොරතුරු හුවමාරු වීම වැලැක්වීමට විවිධ නීති පැනවූ අතර එයින් යම් තරමකට ව්‍යාජ පුවත් හුවමාරුව සීමා වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය උදෙසා නීති සම්පාදනය නොවී තිබීම නිසා මෙවන් දෑ සිදු වීම සාමාන්‍ය බවයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයින් පවසන්නේ.

WhatsApp සමාගම ගත් තීරණය හොඳ තීරණයක් බව කියා සිටින ඔවුන් මේ හරහා සිදුවන අපහසුතා පිළිබන්ඳව ද කියා සිටිනවා.එනම් හදිසි පණිවිඩයක් , විශේෂ පුවතක්, වැදගත් තොරතුරක් හුවමාරු කිරීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවීම බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ.