මහින්ද හදපු මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කරන්න ආපු අර්ජුනට ජනතාව හූ කියයි- PHOTOS- | Colombocall මහින්ද හදපු මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කරන්න ආපු අර්ජුනට ජනතාව හූ කියයි- PHOTOS- - Colombocall

Hot News

මහින්ද හදපු මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කරන්න ආපු අර්ජුනට ජනතාව හූ කියයි- PHOTOS-







මාතර සිට බෙලිඅත්ත දක්වා අලුතින් ඉදිකරන ලද දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ගමන සිදු කිරීම සඳහා අද පෙරවරුවේ පැමිණි ඇමති අර්ජුන රණතුංග මහතාට එහි රැස්ව සිටි ජනතාව විසින් හූ කියා පන්නා දමා ඇති බව වාර්තා වෙනවා.

විරෝධතාකරුවන්පවසා ඇත්තේ මෙම දුම්රිය මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකරන ලද්දක් නිසා අර්ජුන රණතුංග මහතා විසින් එය විවෘත කිරීම යෝග්‍ය නොවන බවයි.

මෙම විශේෂ දුම්රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූර සහ සහ ඔහුට සුබපැතුම් සවිකර තිබූ අතර විරෝධතාකරුවන් විසින් ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංගට එහි ගමන් කිරීමටද ඉඩ නොදී තිබෙනවා.

ටික වේලාවකට පසු ඇමතිවරයා එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර මාධ්‍යයට අදහස් දැක්වීමක් ද ඔහු විසින් සිදු නොකල බවයි වාර්තා වෙන්නේ.