ගින්නට පුළුස්සා දැමිය නොහැකි වූ සැබෑ මනුසත්කම (PHOTOS) | Colombocall ගින්නට පුළුස්සා දැමිය නොහැකි වූ සැබෑ මනුසත්කම (PHOTOS) - Colombocall

Hot News

ගින්නට පුළුස්සා දැමිය නොහැකි වූ සැබෑ මනුසත්කම (PHOTOS)




පසුගිය ජනවාරි 8 වෙනි දින මහනුවර යටිනුවර වීදියේ වෙළඳසැලක ගින්නක් ඇති වූ අතර ගින්නට හසුවීමෙන් එම වෙලඳසැලේ තිබූ සියළු දෑ අළු වී තිබුණේ සියල්ලන්ගේම නෙතට කඳුලක් එක් කරමින්.

සමාන්‍යයෙන් මෙවන් අවස්ථාවක අවස්ථාවාදී මිනිසුන් පැමිණ බාගෙට හෝ පිලිස්සී ඇති ප්‍රයෝජනයට ගත හැකි දෑ හොර රහසේම රැගෙන යන අවස්ථා පිළිබඳව ද අතීතයේ සිටම අසන්නට තිබෙනවා.

එමෙන්ම සෑම කඩාවැටීමකදීම  මනුසත්කම හඳුනන මිනිසුන් කරළියට පැමිණීමත් සිදුවෙනවා.

මෙසේ ගින්නෙන් අළු වී තිබුණ දෑ අතර වටිනා කැමරාවක් ද තිබුණා.එය පහත පින්තූරයක පෙනෙන්නට තිබෙන අතර මෙම කැමරාව සහ ආම්පන්න සියල්ල අළු වී තිබීම "කුමාර්" නැමැති එහි හිමිකරුට දරාගත නොහැකි වූයේ එහි වටිනාකම නිසා යි.

කෙසේ නමුත් ඔහු මෙසේ දුකට පත්ව සිටින අවස්ථාවේ එක් තරුණයකුගේ පැමිණීමක් සිදු වෙනවා. මනුසත්කමේ නාමයෙන් "කුමාර්" හට නව කැමරාවක් මෙම තරුණයා ලබා දෙන්නේ මනුසත්කම හඳුනන තරුණයින් ලංකාවේ සිටින බව මුළු මහත් සමාජයටම  පෙන්වමින්.

නමින් "අනුෂ්ක ගුණසිංහ" වන ඔහු කළ සත් ක්‍රියාව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වීමට පටන්ගත්තේ බොහෝ දෙනකුගේ ගෞරවය සමඟින්.

 එම අවස්ථාවේ පින්තූර කිහිපයක් පහතින් නරඹන්න