ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කල කිවියන්ගේ ඉනිම නිමවෙයි ! - PHOTOS - | Colombocall ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කල කිවියන්ගේ ඉනිම නිමවෙයි ! - PHOTOS - - Colombocall

Hot News

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කල කිවියන්ගේ ඉනිම නිමවෙයි ! - PHOTOS -





ශ්‍රි ලංකාව කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට Bay Oval, Mount Maunganui ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් නවසිලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කදුළු 7 දැවී ලකුණු 371ක් රැස් කරගැනීමට සමත් වූවා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරනු ලැබූ නවසීලන්ත පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 139 තුලදී ලකුණු 138ක් ලබා ගැනීමට සමත් වූවා. ඒ අනුව මෙම තරගයේදී මාටින් ගප්ටිල් සිය එක්දින තරග දිවියේ ලකුණු 6000 සීමාව පසුකර යාමට සමත් වීමද විශේෂ කරුණක්.

නවසීලන්ත ආරම්භක පිතිකරුවන කෝලින් මුන්රෝ ලකුණු 13 කදී දවා ගැනීමට ලසිත් මාලිංග සමත් වු නමුත් පසුව නවසිලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් අසරණ කරමින් වේගවත් ලකුණු රස කිරීමක් සිදු කිරීම  ලැබුනා.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.