බැඳුම්කර සල්ලි වලින් "අලුත් පරපුර" ඇතුලු NGO කල්ලියක් අලුත් සෙල්ලමක් පටන් ගනී ! | Colombocall බැඳුම්කර සල්ලි වලින් "අලුත් පරපුර" ඇතුලු NGO කල්ලියක් අලුත් සෙල්ලමක් පටන් ගනී ! - Colombocall

Hot News

බැඳුම්කර සල්ලි වලින් "අලුත් පරපුර" ඇතුලු NGO කල්ලියක් අලුත් සෙල්ලමක් පටන් ගනී !







අලුත් පරපුර
ශ්‍රී ලංකාවේ කාන්තාවෝ
අළුත් පියාපත්
මාරුතයේ හඬ
දිදුලන හදවත
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
සාධු ජනරාව
නැඟී සිටිමු  ශ්‍රී ලංකා
චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය
අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව
ප්‍රජාත්‍රන්ත්‍රවාදය සඳහා වූ නීතීඥවරු

යැයි කියාගන්නා සංවිධාන කිහිපයක් විසින් අමුතු ආකාරයේ විරෝධතාවයක් දැක්වීමට පටන් ගෙන තිබෙනවා.එනම් මාධ්‍ය ආයතන තුළට ගොස් එහි ආරක්ෂක සේවකයින් බිය වද්දමින් ඔවුන්ගේ අරමුණු ඉෂ්ඨ කර ගැනීමයි.

මොවුන් සැබෑවටම කවුරුන්දැයි සොයා බැලීමේදී කරුණු කිහිපයක් වාර්තා වුණා.

බැඳුම්කර මුදල්වලින් ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතන සඟයින්,  එන්.ජී.ඕ කල්ලි සාමාජිකයන් , බුදුන්ගේ රස්තියාදුව වැනි පොත් ලියූ රචකයින් යැයි කියා ගන්නා පිරිස් එකතු කර ගනිමින් රනිල් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ  විසින් යටි බිම ගත සැලැස්මකට අනුව මෙය ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වෙනවා

මෙම එන්.ජී.ඕ කල්ලිය සෑම මාධ්‍ය ආයතනයක් වෙතම යන බව පැවසූ පසු බොහොමයක් මාධ්‍ය ආයතන ඒ වෙනුවෙන් සැරසුන අතර  ඇතැම් මාධ්‍ය ආයතන මොවුන්ගේ පරමාර්ථය සැබෑවටම රටට මෙහෙවරක් කිරීමට නොව  බැඳුම්කර හොරුන් ආරක්ෂා කරමින්  රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටීම බව දැන  ඔවුන් පැමිණි පසු හූ කියා එළවා දමා තිබෙනවා.

ඉතා බියගුළු පිරිසක් ලෙස මුහුණේ සිටම ආවරණය වන සේ කළු ඇඳුමින්  සැරසී පැමිණ තිබෙනවා.