ලංකාවේ ආර්ථිකය කඩා වැටෙයි ! අවධානයෙන් සිටින්න | Colombocall ලංකාවේ ආර්ථිකය කඩා වැටෙයි ! අවධානයෙන් සිටින්න - Colombocall

Hot News

ලංකාවේ ආර්ථිකය කඩා වැටෙයි ! අවධානයෙන් සිටින්න






දිනෙන් දින කඩා වැටෙමින්, සහ බංකොලොත් වෙමින් පවතින ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට සුදානම් යයි මින්පෙර ලෝක ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා සිටියා. පසුගිය රුපියල ඉතා සීග්‍රයෙන් අවප්‍රමාණය වූ අතර උද්ධමනය ඉහළ ගොස් ජනතාවට දරා ගැනීමට නොහැකි අන්දමේ ජීවන බරකින්  ශ්‍රී ලංකාව පෙළේ.

මෙයට සමගාමීව ශ්‍රී ලංකාවේ මූල්‍ය ශ්‍රේණිගත කිරීම්ද පහල දැමීමට ජාත්‍යන්තර මූල්‍ය සමාගම් කටයුතු කළ අතර මෙරට කොටස් වෙළදපළද 30%කින් පමණ කඩා වැටුනා.

මේ අතර මෙම ආර්ථික බංකොලොත්භාවය හමුවේ ශ්‍රී ලංකාව කඩා වැටීමට සුදානම් යැයි මුල් වරට දේශපාලඥයෙක් ජනතාවට අනතුරු අඟවා සිටිනවා. ඒ වත්මන් රජයේම කැබිනට් අමාත්‍යවරයෙක් වන රවී කරුණානායක අමාත්‍යවරයා විසිනි.

අද වන විට මෙරට ආදායමට වඩා විශාල වශයෙන් වියදම ඉහල ගොස් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට යමින් පවතින්නේ යයි ඔහු ආර්ථික අවපාතය පිළිබඳව මුල් වරට ජනතාවට අනතුරු අඟවමින් පවසනවා.

අද මෙරට ආදායම රුපියල් බිලියන 2,200ක් බවත් ඉන් රජයේ සේවකයන් සදහා බිලියන 860ක්, විශ්‍රාමිකයන්ට බිලියන 240ක්, ණය සඳහා බිලියන 1,200ක්ද ආදී ලෙස විශාල වියදමක් ඇතැයිද බව හිටපු මුදල් ඇමැති ලෙස තමන් ප්‍රකාශ කරන බවත් ඔහු කීය.

විදුලි බල මණ්ඩලයේ පමණක් මේ වසරේදී රුපියල් කෝටි 8,000ක අලාභයක් ඇස්තමේන්තු ගත කර ඇති බවත් එය මහවැලි ගඟ යෝජනා ක්‍රමයට වැය වූ මුදලට සමාන අතිවිශාල මුදලක් යයිද ඔහු පවසනවා. එමෙන්ම සමෘද්ධියට වසරකට වෙන් කරන්නේ ලංවිම අලාභය මෙන් අඩක මුදලක් බවත් අමාත්‍යවරයා පැවසුවා.