නව ජනාධිපතිවරයෙක් අත්‍යාවශ්‍යයි. එජාපයේ මතය මෙන්න ! | Colombocall නව ජනාධිපතිවරයෙක් අත්‍යාවශ්‍යයි. එජාපයේ මතය මෙන්න ! - Colombocall

Hot News

නව ජනාධිපතිවරයෙක් අත්‍යාවශ්‍යයි. එජාපයේ මතය මෙන්න !








රටට නව ජනාධිපතිවරයෙකු අවශ්‍ය බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කියාසිටියේ ආණ්ඩුවේ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයාමට එය ඉවහල් වනු ඇති බවයි.

ඉදිරියේදීද ආණ්ඩුවේ කටයුතු සිදුකිරීමේදී ජනාධිපතිවරයාගේ සහාය කොපමණ දුරට ලැබේ දැයි ගැටළුවක් බව ප්‍රකාශ කළා.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ජනාධිපතිවරයා රටට හිතකර දේ පමණක් අනුමත කරන බවයි.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බව ද මන්ත්‍රීවරයා කියාසිටියා.

ජනතාවාදී අයවැයක් ඉදිරිපත් වන්නේ නම් ඊට සහායදීමට සූදානම් බවයි මෙහිදී ප්‍රකාශ  කෙරුණේ.