තවත් වසර පහක් මෛත්‍රී ජනාධිපති විය යුතුමයි ! මල්වතු අනු නායක හිමිගෙන් ඇරයුමක් | Colombocall තවත් වසර පහක් මෛත්‍රී ජනාධිපති විය යුතුමයි ! මල්වතු අනු නායක හිමිගෙන් ඇරයුමක් - Colombocall

Hot News

තවත් වසර පහක් මෛත්‍රී ජනාධිපති විය යුතුමයි ! මල්වතු අනු නායක හිමිගෙන් ඇරයුමක්






ඉදිරි වසර පමණක් නොව තවත් වසර පහක් මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ඇරයුම් කරන බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා.

 තවත් වසර 05ක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත් සෞභාග්‍ය වෙනුවෙන් පෙනී සිටින ලෙසයි පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

මේම අදහස් දෑක්වුයේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන සදහා පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ විහාරස්ථාන 60 කට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී පැවති උත්සවයේදී.

ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව විහාරාධිපති ස්වාමින් වහන්සේලා කිහිප නමක් වෙත පූජා ඔප්පු පිළිගැන්වුණා.. අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ්. ගුණසේකර, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.