සියලු දේශපාලන පක්ෂ පොදු අරමුණකට පැමිණෙයි ! | Colombocall සියලු දේශපාලන පක්ෂ පොදු අරමුණකට පැමිණෙයි ! - Colombocall

Hot News

සියලු දේශපාලන පක්ෂ පොදු අරමුණකට පැමිණෙයි !





ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක කරු ජයසූරිය මහතා නව වසර වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් එක් කොට තිබෙනවා.

එහිදී ඒ මහතා කියා සිටින්නේ එකිනෙකාට වෙනස් අදහස් අතර ඝට්ටනය සජීවී සමාජයක ලක්ෂණයක්. එහෙත්, එම සියලූ පරස්පරතා අවසානයේදී ශිෂ්ඨ සම්පන්න දියුණු විනය ගරුක සමාජයක් ලෙස සාමකාමීව ලෝක ගෞරවයට පාත‍්‍ර වන ලෙස විසඳා ගැනීමට හැකිවීම අපගේ මාතෘ භූමිය ලද භාග්‍යයක් බවයි.

එලබෙනු ලැබූ නව වසර රට හමුවේ ඇති ප‍්‍රධාන අභියෝග ජය ගැනීමට පොදු න්‍යාය පත‍්‍රයක් සකසා ගැනීමට සියලූ පාර්ශ්වයන් එක්විය යුතු වසරක් බවට පත් කර ගත යුතු බව ද කථානායක කරු ජයසූරිය මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියා.