"අළුත් පියාපත්" කල්ලියට ඩොලර් ගේන පාක්‍යසෝති සර්වනමුත්තු | Colombocall "අළුත් පියාපත්" කල්ලියට ඩොලර් ගේන පාක්‍යසෝති සර්වනමුත්තු - Colombocall

Hot News

"අළුත් පියාපත්" කල්ලියට ඩොලර් ගේන පාක්‍යසෝති සර්වනමුත්තු




ජාත්‍යන්තර විනිසුරුවන් සහිතව හයිබ්‍රිඩ් අධිකරණයක් ලංකාවේ ස්ථාපිත කිරීමට මහත් වෙහෙසක් ගත් පුද්ගලයකු ලෙස සංහිඳියා කාර්ය සාධන බලකායේ ලේකම් පාක්‍යසෝති සරවනමුත්තු හැඳින්වෙනවා.

රණවිරුවන් වෙත දැඩි දඬුවම් ලබාදීමට මහත් වෙහෙසක් ගත් මොහු පසුගිය සමයේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෙන්වා තිබුනේ යුධ හමුදා නිලධාරීන් පවා විශ්මයට පත් කරවමින් ය.

මොහු ඇමරිකානු අරමුණු වෙනුවෙන් පෙනී සිටින්නෙක් බව බොහෝ තැන්වල කතාබහට ලක් වී තිබෙනවා.ඊට ආසන්නම හේතුව වශයෙන් සැලකෙන්නේ  මොහු උතුරු පළාතේ ගෙන් ගෙට යමින් යුධ සමයේ මියගිය අය පිළිබඳ තොරතුරු සෙවීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමයි. එය ඔහු සිදු කර ඇත්තේ සැබෑ අරමුණක් වෙනුවෙන් නොව සැබවින්ම රණවිරුවන් දඩයම් කිරීමේ විදේශ අරමුණක් වෙනුවෙන්.මෙම ක්‍රියාදාමය කිරීම වෙනුවෙන්  ඔහුට ඇමරිකානු ඩොලර් විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.

මෙවන් ක්‍රියා සිදුකරමින් සිටි පාක්‍යසෝති හට මැතකදී ලැබුණු රාජකාරිය වන්නේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ලබා දෙන ඩොලර් ලංකාවේ බහුතරයක් මිනිසුන් අතර විශ්වාසය දිනා සිටින මාධ්‍ය ආයතන වලට එරෙහිව ක්‍රියා කරන සෑම සංවිධානයකටම ලබා දීමයි.

ඔහුගේ මෙම ක්‍රියාදාමය හෙළිදරව් වීමත් සමඟ ඔහු  මෙසේ විදේශ මුදල් ලබා දී  පවත්වාගෙන යනු ලබන සංවිධාන කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය  වී තිබෙනවා. ඒ අතර වැඩි අවධානයකින් සහ ඇමරිකානු තානාපති කාර්‍යාලයේ විශ්වාසය දිනා ගත් සංවිධානය වන්නේ "අළුත් පියාපත්" නැමැති සංවිධානයයි.

මංගල සමරවීරගේ මූලික උපදෙස් අනුව රට ෆෙඩරල් කිරීමේ ක්‍රියාදාමයේ මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙම සංවිධාන බිහි කර ඇති බවත් ඈත අතීතයේ සිටම ලංකාව ෆෙඩරල් කිරීමට මාන බලා සිටි උදවිය මෙසේ නව නම් වලින් බිහි වී තිබෙන සංවිධාන තුළ සිටින බවත්  වාර්තා වෙනවා.

නව ෆෙඩරල්  ව්‍යවස්ථාවට එරෙහිව ගොඩ නැඟෙන ජන බලය වාර්තාකරන මාධ්‍ය ආයතන නිහඬ කිරීමට ඔවුන් මාන බලමින් ඇත්තේ ඩොලර් කුට්ටි පිටින් ගිලදමමින්ය.

පාක්‍යසෝති වෙත ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඩොලර් ලක්ෂ 07 ක් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.එම මුදල් ඔවුන් යොදවන්නේ ස්වාධීනව මෙන්ම අපක්ෂපාතීව පෙනී සිටින මාධ්‍ය ආයතන නිහඬ කිරීමටයි.

මෙම ක්‍රියාවලිය පිළිබඳ ජනතාව නොදන්නා නිසා අනාගතයේ ඇති විය හැකි හානිය ඉතා දරුණු බව කියවෙනවා. එනම් "අළුත් පියාපත්" හි ව්‍යාජ පටු අරමුණු වලට රැවටී ජනතාව ඔවුන් වෙනුවෙන් පෙනී සිටියහොත් ජයගන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයයි.එතැන් පටන් ලංකාවේ සෑම තොරතුරක්ම වාර්තා කිරීමේදී ඇමරිකානු අවසරය ගත යුතු වෙනවා.

රට ෆෙඩරල් කිරීම හරහා රණවිරුවන් දඩයම් කිරීම පහසු වෙන අතර පාක්‍යගේ අරමුණු ඉටුවෙනවා.තව තවත් ඩොලර් ඔහු වෙත ගලා ඒමට පටන් ගන්නා අතර අවසානයේ ලාංකිකයන් හට ඒකීය රටක්, ස්වාධීන මාධ්‍ය ආදී වැදගත්ම දේවල් රාශියක් අහිමි වෙනවා.