මංගලගේ පරණ පෙම එක්ක ගහන අළුත් ගේම් එක මෙන්න | Colombocall මංගලගේ පරණ පෙම එක්ක ගහන අළුත් ගේම් එක මෙන්න - Colombocall

Hot News

මංගලගේ පරණ පෙම එක්ක ගහන අළුත් ගේම් එක මෙන්න






එක්සත් ජාතික පෙරමුණේ  බලය ඇල්ලීමේ මහා කුමන්ත්‍රනයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මංගල සමරවීර ඇතුළු කණ්ඩායමක් මේ වන විට දියත් කරමින් පවතින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ද සමස්ථ පාක්ෂිකයින්ගේ ද බහුතරයේ ස්ථාවරය වන්නේ 2020 ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවී ඒ සඳහා පක්ෂයේම පුද්ගලයකුට අවස්ථාව ලබා දිය යුතුය යන්නයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සහ පාක්ෂිකයින්ගේ මේ ස්ථාවරය නොතකා කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා කර ගැනීමට චන්ද්‍රිකා මංගල  ඇතුළු කණ්ඩායම උත්සහ කරමින් සිටින බවටයි හෙලි වී ඇත්තේ.

මේ සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක රහස් දේශපාලන මෙහෙයුමක්ක්‍රියාත්මක කර තිබෙන අතර, එයට එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකුගේද සහය ලැබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

එමෙන්ම බණ්ඩාරනායක මහත්මියගේ අවශ්‍යතාවයට අනුව  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කර මංගල සමරවීර මහතා අගමැති කර ගනිමින් රටේ නොනිළ සහ තිරය පිටු පස නායිකාව ලෙස කටයුතු කිරීමට ඇගේ අරමුණ වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට 2015 දී  ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වුවහොත්  කිසිසේත්  ජය ගත නොහැකි බවට දීර්ඝ ලෙස කරුණු දක්වමින් විශේෂ ලිපියක් ද ලියා තබා දේශපාලන වශයෙන් කලකිරී එදා විදේශ ගත වූ මංගල සමරවීර මහතා 2020 ට රනිල් වික්‍රමසිංහ සුදුසු බව කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංගගේ මෙහෙයවීම මතයි.

1994 සහ 2005 ජනාධිපතිවරණ පරාජයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනාධිපතිවරණයටත් නුසුදුසු වූයේ නම් මංගල සමරවීර කියන හැටියට 2020 ජනාධිපතිවරණය සඳහා සුදුසු වන්නේ කෙසේ ද ? යන්න ගැටළුවක්.

දේශපාලන වශයෙන් අතිශය අනතුරුදායක අත්හදාබැලීමක් කිරීමට වෙර දරන බණ්ඩාරනායක හා මංගල කුමන්ත්‍රනය අසාර්ථක වුවහොත් උපන්ගෙයි එක්සත් ජාතික පාක්ෂිකයින්ට අත්වන ඉරනම ඉතා දරුණුය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රතික්ෂේප වී සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එක්සත් ජාතික පක්ෂය බිල්ලට තබා සිය පෞද්ගික දේශපාලන න්‍යාය පත්‍ර අවශ්‍යතා ඉටු කරගැනීමේ මෙම කුමන්ත්‍රනය පරාජය කිරීමට එජාපයෙන් තවමත් ප්‍රසිද්ධියේ හඬක් නොනැගීම අපට විමතියට කරුණක්.