ෆොන්සේකාගේ ෆීල්ඩ් මාෂල් ධූරය ගලවයි ! හේතුව "ජනාධිපති විවේචනය" ! | Colombocall ෆොන්සේකාගේ ෆීල්ඩ් මාෂල් ධූරය ගලවයි ! හේතුව "ජනාධිපති විවේචනය" ! - Colombocall

Hot News

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාෂල් ධූරය ගලවයි ! හේතුව "ජනාධිපති විවේචනය" !





ආරක්ෂක හමුදාවන්හි සේනාධිනායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දැඩි ලෙස විවෙචනය කිරිම හේතුවෙන් සරත් ෆොන්සේකාගේ ෆීල්ඩ් මාෂල් ධූරය ඉවත් කිරිමට නියමිත බව “අද “පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඔවුන් වාර්තා කරන පරිදි ජනාධිපතිවරයා විසින් මේ බව එජාප අමාත්‍යවරුන් දෙදෙනෙකුට පවසා ඇති බව ය.

කෙසේ වෙතත් දිගින් දිගටම සරත් ෆොන්සේකා විසින් ජනාධීපතිවරයාව විවේචනය තිරිම හේතුවෙන් ඔහුට කිසිසේත්ම අමාත්‍ය ධූරයක් ලබා නොදෙන බව ද ජනාධිපතිවරයා පවසා සිටී.පාලිත රංගේ බණ්ඩාරට ද එලෙසින්ම අමාත්‍ය ධූරයක් හිමි නොවනු ඇත.

එජාප අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම මහතා ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මේ බව පවසා ඇති බව “අද” පුවත්පත වාර්තා කර සිටිනවා.