ගංජා හේන් සියල්ල කොටු කිරීමට ඩ්‍රෝන් රජු පෙරමුණට ! | Colombocall ගංජා හේන් සියල්ල කොටු කිරීමට ඩ්‍රෝන් රජු පෙරමුණට ! - Colombocall

Hot News

ගංජා හේන් සියල්ල කොටු කිරීමට ඩ්‍රෝන් රජු පෙරමුණට !







ශ්‍රී ලංකාවේ බොහෝ කංසා හේන් වටලා විනාශ කිරීමට පොලීසියට ඇති බාධාවක් වන්නේ එම කංසා හේන් ඝණ වනාන්තර තුල වගා කෙරෙන නිසයි. එම නිසා එම කංසා හේන් සොයා ගැනීම ඉතා අපහසු වනවා.

මන්දයත් අක්කර ගණන් පුරා ඇති ඇති වන ලැහැබවල් පීරා අභ්‍යන්තරයටම ගොස් මෙම කංසා ගේන් වගා කරන නිසයි.

කෙසේ වෙතත් එම ගැටලුවට විසඳුමක් ලබා දෙමින් සැගවුනු කංසා හේන් පවා පහසුවෙන් සොයා විනාශ කිරීමට පොලීසියට සහය වීමට ගුවන් හමුදාව ඉදිරිපත් වී තිබෙනවා. මේ අනුව ගංජා හේන් සොයා ගැනීමට සහ වැටලීමට ඩ්‍රෝන් තාක්ෂණය යොදා ගනිමින් සිටිනවා.

ගුවන් හමුදා යානා යොදාගෙන සිදුකරන ලද ඩ්‍රෝන මෙහෙයුම් වලදි කැළෑවේ රහසිගතව සැගවී තිබූ වගා කරන ලද ගංජා හේන් 158ක් සොයාගෙන ඇති බවත් ඒ පිළිබඳව පොලිස් මූලස්ථානය හා පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

ගුවන් හමුදාව මඟින් එසේ නිරීක්‍ෂණය කර ඇත්තේ වෙනත් ආරක්‍ෂක අංශයකට ගොඩබිමෙන් ගොස් හඳුනා ගැනීමට නොහැකි ප්‍රදේශ බව ද ඒ මහතා පවසයි.

ගුවන් හමුදාව මඟින් මෙම වැඩපිළිවෙළ කිසියම් ක්‍රමවේදයකට හා කාල සටහනකට අනුව නොකඩවා ක්‍රියාත්මක කරන බව ද පවසන ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රජය මඟින් ක්‍රියාවට නංවා ඇති නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය හා ගංජා හේන් වගාව වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාවලියට ගුවන් හමුදාව මඟින් උපරිම සහාය ලබා දෙන බවත්ය.