උතුරේ දමිළ ජනයාට බුදු පිළිම මානසික වදයක් ! | Colombocall උතුරේ දමිළ ජනයාට බුදු පිළිම මානසික වදයක් ! - Colombocall

Hot News

උතුරේ දමිළ ජනයාට බුදු පිළිම මානසික වදයක් !






විවද දේශපාලන සහ සමාජීය හේතුන් මත බුදුපිළිම තැන්පත් කිරීම නිසා සමාජීය හා සංස්කෘතික ගැටලු ඇතිවන බව උතුරු පළාතේ නව ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් කියා සිටිනවා.

උතුරේ බෞද්ධ ජනතාව නොමැති ස්ථානවල බුදු පිළිම තන්පත් කිරීමෙන් හා විහාරස්ථාන ඉදි කිරීමෙන් බුදු දහමට විශාල නිගරුවක් සිදුවන බවත් මේ පිළිබඳව තමන් මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

ඔහු මේ අදහස් දැක්වූවේ යාපනයට පැමිණි අවස්ථාවේදී  මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි.

කෙසේවෙතත් තමන් බුදු දහමට ඉතාම ගරු කරන, ඒ දහම පිළිබඳව විශාල පැහැදීමකින් සිටින පුද්ගලයෙකු නිසාවෙන් මෙම තත්වය පිළිබඳව වහාම මහානායක හිමිවරු සමග ස්ථිර තීරණයකට එළඹෙන බව කියා සිටියා.

උතුරු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් තම කඳවුරු තුල බුදු පිළිම තබමින් තම අවශ්‍යතාවයන් මත ක්‍රියාකිරීම කිසිම වරදක් නොමැති බවත්, මෙහි ගැටලුව වී ඇත්තේ ඔවුන් කඳවුරු අතහැර එම ඉඩම අයිතිකරුවන්ට බාර දෙන විට ඒ බුදු පිළිම ඉවත් කර නොගැනීම බවයි ඔහු කියා සිටියේ. දෙමල වැසියෙකුගේ ඉඩම තුල බුදු පිළිම තැබීම නිසාවෙන් ඔවුන් ඊට බිය වී විශාල මානසික වදයකින් යුතුව එම ඉඩමේ ජීවත් වන බවයි ආණ්ඩුකාරවරයා අදහස් දැක්වුවේ.