බැඳුම්කර වංචාවට අත්අඩංගුවට ගත් ඇලෝසියස් සහ කසුන් පලිසේන නිදහස් කෙරේ ! | Colombocall බැඳුම්කර වංචාවට අත්අඩංගුවට ගත් ඇලෝසියස් සහ කසුන් පලිසේන නිදහස් කෙරේ ! - Colombocall

Hot News

බැඳුම්කර වංචාවට අත්අඩංගුවට ගත් ඇලෝසියස් සහ කසුන් පලිසේන නිදහස් කෙරේ !





මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වන අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (01) නියෝග කර සිටියා.

ඒ අනුව පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මෙසේ රුපියල් මිලියනයක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරිර ඇප 4 ක් මත නිදහස් කොට තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත සැකකරුවන් ගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර, සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසයි ඇප කොන්දේසි ලෙස පෙන්වා දී තිබෙන්නේ. ඇපකරුවන් සිවුදෙනා ගෙන් දෙදෙනෙක් ඔවුන්ගේ ළඟම ඥාතින් විය යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මොවුන් දෙදෙනා පසුගිය 2018 වසරේ පෙබරවාරි 04 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මහ බැංකුවේ සිදුවූ බැදුම්කර වංචාව සම්බන්ධයෙනුයි.