බුදු පිළිම වලට ගල් ගහපු සිදුවීමට මුස්ලිම් ජාතීන්ගේ විරෝධය ! | Colombocall බුදු පිළිම වලට ගල් ගහපු සිදුවීමට මුස්ලිම් ජාතීන්ගේ විරෝධය ! - Colombocall

Hot News

බුදු පිළිම වලට ගල් ගහපු සිදුවීමට මුස්ලිම් ජාතීන්ගේ විරෝධය !







බුදු පිළිම කිහිපයක් ඉලක්ක කොට ගනිමින් මහනුවර සහ මාවනැල්ල ප්‍රදේශයන්හි ඇතිවූ ප්‍රහාර සම්බන්ධව තමන්ගේ කිසිඳු මැදිහත් වීමක් නොමැති බව සිලෝන් තව්හීජ් ජමාත් සංවිධානයේ ප‍්‍රධාන ලේකම් අබ්දුල් රාසික් පවසා සිටිනවා.

තම සංවිධානය අදාල ක‍්‍රියාව තරයේ හෙලා දකින බවද, ඔහු පෙන්වා දී සිටියා.

ඉකුත් දිනවල මහනුවර ප්‍රදේශයේ බුදුපිළිම කිහිපයකට ගල් ප්‍රහාර එල්ල කර තිබුනා. මේ පිළිබඳව අදහස් දක්වමින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් සමග ඊයේ (06) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

සිංහල බෞද්ධ ජනතාව සමග සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වීම තම අරමුණ බවත්, එම පිරිස ආරක්ෂක අංශ වෙත සහාය ලබා දීම වගකීමක් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.