"මතුගම" බොසා කඩුවෙන් ගෝලයාගේ අත වෙන් කරයි. | Colombocall "මතුගම" බොසා කඩුවෙන් ගෝලයාගේ අත වෙන් කරයි. - Colombocall

Hot News

"මතුගම" බොසා කඩුවෙන් ගෝලයාගේ අත වෙන් කරයි.






මතුගම ප්‍රදේශයේ පවත්වාගෙන යන තුරඟ තරඟ මධ්‍යස්ථානයක් පිටුපස දී මුදල් පොලියට ලබා දෙන පුද්ගලයෙකු විසින්  එහි සේවකයෙකුගේ අතක් වෙන්වෙන සේ කපා දමා තිබෙනවා. 

අදාළ පුද්ගලයා තියුණු ආයුධයකින් එම සේවකයාගේ අත කපා දමා පලා ගොස් ඇති බවයි  මතුගම පොලිසිය ප්‍රකාශ කරන්නේ.
බරලතල තුවාල ලද පුද්ගලයා වෑත්තෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය වූ ස්ථානයේ වැටී තිබූ වම් අතෙහි වැල මිටෙන් පහළ කොටස රෝහලට රැගෙන ගොස් බාර දී ඇති අතර  අත කැපීම සඳහා සොයා ගත් කඩුවක්ද එම ස්ථායේ තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්  බරපතල තුවාල ලැබූ පුද්ගලයා වෑත්තෑව රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබා වෙන් වූ අතෙහි කොටසත් සමඟ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.