මාවනැල්ලේ බුදු පිළිම කැඩූ තරුණයින් දෙදෙනාට වුණු දේ මෙන්න | Colombocall මාවනැල්ලේ බුදු පිළිම කැඩූ තරුණයින් දෙදෙනාට වුණු දේ මෙන්න - Colombocall

Hot News

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ තරුණයින් දෙදෙනාට වුණු දේ මෙන්න







මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක තැන්පත් කර තිබූ බුදුපිළිමයන්ට පහර දීම පසුගිය දිනවල දැඩි ආන්දෝලනයට ලක් විය. කෙසේ වෙතත් මෙලෙස බුදු පිළිම විනාශ කළ පිරිස අල්ලා නීතියට කොටු කර දීමට ප්‍රදේශවාසී බෞද්ධ තරුණයන් සමත් වුනා.

මෙලෙසින් බුදු පිළිමයන්ට පහර දුන් බවට සැකකරන තරුණයන් නව දෙනෙකු ඊයේ (16 දා) මාවනැල්ල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස නියෝග කරනු ලැබීය.

කෑගල්ල බන්ධනාගාරය මගින් සැකකරුවන් 7 දෙනෙකු අධිකරණය වෙත තුන්වැනි වරටත් ඉදිරිපත් කර තිබූ අතර මාවනැල්ල පොලිසිය මගින් පෙරේදා (15 දා) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාද ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මාවනැල්ල පොලිසිය මගින් පැමිණිල්ල මෙහෙයවූ අතර විනාශ කරන ලද බුදුපිළිමවල අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ නිමල් ජයසිංහ මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්විය.