ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කළ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ! | Colombocall ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කළ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ! - Colombocall

Hot News

ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කළ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට !





දේශපාලන පරිසරය මහත් ආන්දෝලනයට ලක් කරමින් පසුගියදා ප්‍රකාශයන් නිකුත් කල නාමල් කුමාර නැමැත්තා අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා.

ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ උසස් පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිලිබඳ තොරතුරු හෙළි කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයන් ඉදිරිපත් කල මොහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ යුධ හමුදාවට බැදී පුහුණුව ලබා සිටියදී එයින් පැනගොස් සිටින අයෙකු බවටයි තොරතුරු අනාවරණ වී තිබෙන්නේ.

තවද ඔහු එම සේවයට බැඳීම සඳහා ඉදිරිපත් කර ඇත්තේ කූඨ ලෙස සකස් කළ ව්‍යාජ සහතිකපත් බවද අනාවරණ වී ඇති බව අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් පවසා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ මොහු යුද හමුදාවට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉදිරිපත් කළ අධ්‍යාපන සහතික අනුව 2002 වසරේ පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයේදී අධි සම්මාන 2ක් සහ සම්මාන 3ක් සහිතව විෂයන් 10ම සමත් වූ බවට සඳහන්වී තිබෙන බවයි. නමුත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂණවලදී තහවුරු වී ඇත්තේ ඔහු සාමාන්‍ය පෙළ විභාගයේ සමත්වී ඇත්තේ විෂයන් 3ක් පමණක් බවයි.

මේ අනුව ව්‍යාජ අධ්‍යාපන සහතික ගුවන් හමුදාවට සහ යුද හමුදාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් හා යුදහමුදාවෙන් පැන යාම සම්බන්ධයෙන් නාමල් කුමාරට එරෙහිව නීතිමය පියවර ගැනීමට තම දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී තිබනවා.