ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉවතට ! | Colombocall ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉවතට ! - Colombocall

Hot News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉවතට !






එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉවත් කරනු ඇතැයි ක්‍රීඩාආරංචි මාර්ග පවසනවා.

ඒ, ඔවුන් දෙදෙනා ඉකුත් සමයේ එක්දින පිටියේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන්. මෙම ක්‍රීඩකයින් දෙදෙනා දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් ඔවුන්ට එක්දින කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම සම්බන්ධයෙන් ඉකුත් දිනවල කතාබහට ලක් වුණා.

ඔවුන් දෙදෙනා වෙනුවට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට කැඳවීමට අපේක්‍ෂා කරන්නේ නවක ක්‍රීඩකයින් දෙදෙනෙකු වන අවිශ්ක ප්‍රනාන්දු සහ කමිදු මෙන්ඩිස්. ඒ, ඔවුන් දෙදෙනා මේ වනවිට පැවැත්වෙන අයර්ලන්ත තරගාවලියේදී දක්වන දක්‍ෂතා හේතුවෙන්.

අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග හතරේදී ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් රැස් කිරීමටයි සමත් වුණේ.

අයර්ලන්ත ඒ කණ්ඩායම සමග ඉකුත් සෙනසුරාදා පැවති තරගයේදීද ඔහු ලකුණු 139 ක් රැස් කළා.

කමිදු මෙන්ඩිස්ද මෙම තරගාවලියේදී තුන්ඉරියව්වෙන්ම දැක්වූ දක්‍ෂතා කැපී පෙනුනා.

 ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය පෙබරවාරි 13 වැනිදා ආරම්භ වනවා.