සමාජ මාධ්‍ය කළඹමින් රටම කතාවුනු මහනුවර ගින්නේ සත්‍ය විස්තරය මෙන්න ! | Colombocall සමාජ මාධ්‍ය කළඹමින් රටම කතාවුනු මහනුවර ගින්නේ සත්‍ය විස්තරය මෙන්න ! - Colombocall

Hot News

සමාජ මාධ්‍ය කළඹමින් රටම කතාවුනු මහනුවර ගින්නේ සත්‍ය විස්තරය මෙන්න !





මාපිය සහ දරුවන් තිදෙනෙකු ඇතුළු 05 දෙනෙකුට තුවාල සිදු කරමින් පසුගියදා ගොඩනැගිල්ලක ඇති වූ ගින්න හේතු කොටගෙන මහනුවර නගරයේ සියලූ ගොඩනැගිලිවල ප‍්‍රමිතිය සොයා බැලීමට ගිවිසුමකට එළඹ තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා කියා සිටියේ එම දරු පවුල අදාළ ගොඩනැගිල්ලේ පදිංචිව සිට ඇත්තේ අනවසරයෙන් බවත්, ඔවුන්ට එම ගොඩනැගිල්ල සඳහා වෙළඳ බලපත‍්‍රයක් ලබාදී තිබු නමුදු ව්‍යාපාරික ගොඩනැගිල්ලක් තුළ පදිංචි වීම සඳහා අවසරයක් ලබාදී නොතිබූ බවයි.

මෙම ගින්න හටගත් මහල් 06කින් යුතු ගොඩනැගිල්ල තුල ගින්න හටගත් අවස්ථාවේ ඉන් පිටවීම සඳහා හදිසි දොරටුවක් නොතිබූ බවට ද වාර්තාවනවා.

කෙසේවෙතත් පොලිස් පරීක්ෂණ අවසන් වීමෙන් පසු මහනුවර නගර සභාව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කිරීමට තීරණය කර තිබෙනවා.  මෙහිදී නාගරික කොමසාරිස්වරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ දරු පවුලක් අදාළ ගොඩනැගිල්ලේ ජීවත්වන බවට ඔවුන්ට කිසිදු තොරතුරක් නොතිබුනු බවයි.