"සේනා දළඹුවා" අහම්බයක් නොවේ ! බහුජාතික "ඩෝල්" සමාගමේ දීර්ඝ සැලැස්මක ප්‍රථිපලයක් ! | Colombocall "සේනා දළඹුවා" අහම්බයක් නොවේ ! බහුජාතික "ඩෝල්" සමාගමේ දීර්ඝ සැලැස්මක ප්‍රථිපලයක් ! - Colombocall

Hot News

"සේනා දළඹුවා" අහම්බයක් නොවේ ! බහුජාතික "ඩෝල්" සමාගමේ දීර්ඝ සැලැස්මක ප්‍රථිපලයක් !







සේනා දළඹුවා මේ වන විට ලංකාවේ පාලනය කල නොහැකි කෘමි  වසංගතයක් බවට පත්ව තිබෙනවා.
මීට වසර කිහිපයකට පෙර, පළමු වරට අමෙරිකාවේදී හඳුනා ගත් මෙම දළඹු විශේෂය අප්‍රිකානු රටවල් 44 කට පමණ ව්‍යාප්ත වී වගා බිම් රැසකට හානි සිදුකළා.

අනතුරුව පසුගිය වසරේ මැද භාගයේදී ඉන්දියාව පුරා ද ව්‍යාප්ත වූ අතර ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට සේනා දළඹු විශේෂය ව්‍යාප්ත වන්නට ඇති බවටයි සැක පලකරන්නේ.

 බඩ ඉරිඟු , ගොයම් ,උක්, එළවළු ආදී භෝග විනාශ කරන මෙම කෘමියා ගෙවුණු මාස තුනහමාරක කාලය තුළ අම්පාර, මොනරාගල, කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා.

මෙම සළඹයාට, සුළං ප්‍රවාහයකට හසු වුවහොත් කිලෝමීටර් සියයක පමණ දුරක් වුව ද ගමන් කළ හැකි  අතර,  ස්වභාවික සතුරන්  (විලෝපිතයෙකු)  නොමැතිවීම නිසා ව්‍යාප්ත වීම ඉතාමත් සීඝ්‍රයෙන් සිදු වනවා.

එමෙන්ම දැඩි ආක්‍රමණශීලී සත්ත්වයෙකු වන සේනා දළඹු විශේෂය මර්දනය කිරීමට එය ව්‍යාප්ත වූ කිසිම රටක් මෙතෙක් සමත් වී නෑ.

බඩ ඉරිඟු වගාවට සීමා නොවූ සේනා දළඹු වසංගතය මේ වන විට මුං, කුරක්කන්, වී මෙන්ම ස්වයංජාත වැනි සම්ප්‍රදායික වී වගාවට ද බලපෑම් කරන්නට පටන් ගනෙ තිබීම ඉතාමත් අවදානම් තත්වයක්.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේනා දළඹුවා පිළිබඳ පර්යේෂණ අංශයේ අංශ ප්‍රධානී අනුර විජේතුංග සේනා පිළිබඳව මෙලෙස පැහැදිලි කළා

"මේ දළඹුවා ඇත්තම සළඹයෙක්. බිත්තර හැදෙනවා. බිත්තරවලින් කීටයෙක් හැදෙනවා. කීටයාගෙන් පිළවා. ඊට පස්සේ සළඹයෙක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ පියාඹන සමනළයෙක්. සළඹයා රෑටයි සැරිසරන්නේ. සළඹයා දුඹුරු පාටයි. සේනා දළඹුවාට ලා කොළ පාට ඉදලා දුඹුරු පාට දක්වා වෙනස් වෙන්න පුළුවන්. සතාගේ පිටිපස්සේ අන්තිම කණ්ඩයට පෙර කණ්ඩයේ හරි හතරැස් අකාරය පිහිටන තිත් හතරක් තියෙනවා."

  "සේනා දළඹුවා"  ලංකාවට පැමිණීමේ වගකීම බාර ගතයුත්තේ කව්ද?

මෙම දළඹුවා ලංකාව පුරා පැතිරවීම  සැලසුම් සහගත ක්‍රියාවක් බව දැනට සිදුර ඇති මූලික පරීක්ෂණ වලදී හෙලිවී තිබෙනවා.
මෙරට ආගන්තුකයෙක් වන සේනා මෙරටට පැමිණෙන්නේත් ආගන්තුකයෙකු මාර්ගයෙන්ම යන්න අපට සාධාරණ තර්කයක් ගොඩ නැගිය හැකි වනවා.

බොහොමයක් රටවල ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය උදුරාගනිමින් ලොව පුරා එළවලු සහ පළතුරු සපයන බහුජාතික සමාගමක් ලෙස  "ඩෝල් ලංකා" සමාගම මෙරට තුල ද බොහෝ සෙයින් ප්‍රසිද්ධ ආයතනයකි. රටට ආගන්තුකයෙක් වන මෙම සමාගම ජාන වෙනස් කර උපරිම උපයෝගීතාවයක් සහිත පැළ මෙරටට ගෙන්වා වියළි කලාපයේ ඉඩම් රාශියක වගා කර මේ වන විට ඔහුන්ගේ අනසක පතුරුවා අවසන්. එපමණක් නොව  දේශපාලන බල අධිකාරියේ ඉහළ මැදිහත් වීම මත "ඩෝල් ලංකා" සමාගම අධි මාත්‍රාව සහිත පලිබෝධ හා විශ රසායනික ද්‍රව්‍ය ගෙන්වන ප්‍රධාන පෙලේ ආයතනයක් බවත් කවුරුත් දන්නා රහසක්.

මේ හේතුවෙන් අපිට අනුමාන කිරීමට සිදුවන ප්‍රධානම කාරනය වන්නේ, ඔහුන් ගෙන්වන ජාන වෙනස් කරන ලද බීජ සමග  "සේනා දළඹුවා"  මෙරටට පැමිණියාද? තම ආර්ථික ලාබ ප්‍රයෝජනය  සඳහා  අධි මාත්‍රාව සහිත පලිබෝධ හා විශ රසායනික  ද්‍රව්‍ය අලවිය පුළුල් කිරීම උදෙසා මෙම දළඹුවා මෙරටට ගෙන් වීමට ඔහුන් පියවර ගත්තාද? යන්නයි.

කෙසේ වෙතත්,  දේශපාලන අධිකාරියෙ ඉහලම බලධාරීන්ගේ  සහයෝගයෙන් විරාජ මානව වැඦබෙන "ඩෝල් ලංකා" සමාගම දැනට අපගේ මාතෘ භූමියට සිදු කර ඇති පාඩුව සුලු පටු නෑ.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් කන්දකාඩු ප්‍රදේශයේ අක්කර 11 600
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ඉඩම් අක්කර 4600
නිකවැව ග්‍රාමනිළධාරිවසමේ පිහිටි මීගස්වැව ප්‍රදේශයේ අක්කර 1400
කුඩාඔය ප්‍රදේශයේ අක්කර 1800
දෙමෝදර ප්‍රදේශයේ අක්කර 1600
වෑකඩ ප්‍රදේශයේ අක්කර 1200

මෙවැනි ඉතා වටිනා ගොවි බිම් රැසක් ඔහුන්ගේ ග්‍රහණයට ලක්කර ගෙන අවසන්.

මේ සා විශාල වගාබිම් සඳහා ජලය ලබා ගැනීම වෙනුවෙන් ඔහුන් මුහුදු මට්ටමට වඩා වැඩි ගැඹුරකට නළ ළිං සදා තිබෙනවා. මේ හේතුවෙන් නියං කාලයටත් පෙර  ජනතාවට දෛනික අවශ්‍යතා සඳහා පවා ජලය නොමැති වීම එහි සුලභ සිදුවීමක්.

එපමණක් නොවෙයි වසර ගණනක සිට " ඩැංකානිල්" නැමැති අධි මාත්‍රාවෙන් යුතු රසායනික ද්‍රව්‍ය යෙදීමහේතුවෙන් ඒ ගොවි බිම් සදාසන්නයේ ඇති (හොරොව්පතාන, ඇලයප්පත්තුව, කල්ලච්චිය) ජනතාවගේ වකුගඩු රෝග, මළ දරු උපත් සහ මදසරුභාවය ආදී රෝග විශාල වර්ධනයක් දක්නට ලැබෙන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

"ඩෝල් ලංකා" සමාගමින් ලැබෙන ප්‍රතිලාබ හා වරප්‍රසාද හේතුවෙන් අමු අමුවේ සිදුවන මෙවැනි පාරසරික හානී දැක දැකත්  ඊට අනුබලදෙමින් අන්ධයන් සේ මුණිවත රකින අපගේ වගකිවයුතු දේශපාලකයන් පිළිබඳව අපට ඇත්තේ ඉතා පිළිකුල් සහගත හැඟීමකි