"සාගල" ගේ අයියා වරාය අධිකාරියේ සභාපති පුටුවට පත් කරයි. ඥාති සංග්‍රහය ලෙසටම ! | Colombocall "සාගල" ගේ අයියා වරාය අධිකාරියේ සභාපති පුටුවට පත් කරයි. ඥාති සංග්‍රහය ලෙසටම ! - Colombocall

Hot News

"සාගල" ගේ අයියා වරාය අධිකාරියේ සභාපති පුටුවට පත් කරයි. ඥාති සංග්‍රහය ලෙසටම !






ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා පත්කර තිබෙනවා.

ඒ මහතා ඊයේ (17දා) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ අවස්ථාවට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් එක් වී තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන කාවන් රත්නායක මහතා ඇමැති සාගල රත්නායක මහතාගේ වැඩිමහල් සොහොයුරාය.

ඥාතීන්ට තනතුරු දීමට එරෙහිව පසුගිය රාජපක්ෂ රජය සමයේ දැඩිව හඬ නැගූ එක්සත් ජාතික පක්ෂය තම ඥාතීන් හා හිත මිතුරන් වෙත තනතුරු ලබා දීම දිගින් දිගටම සිදු කරමින් පවතින බවයි මෙවන් නිදර්ශන තුළින් පෙනී යන්නේ.