මැතිවරණයක් ඉල්ලා අධිකරණයට යන කට්ටිය මෙන්න | Colombocall මැතිවරණයක් ඉල්ලා අධිකරණයට යන කට්ටිය මෙන්න - Colombocall

Hot News

මැතිවරණයක් ඉල්ලා අධිකරණයට යන කට්ටිය මෙන්න







පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වා ගැනීම සඳහා අධිකරණයේ සහන පැතීමට මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන සූදානම් වනවා. පැෆරල් සංවිධානය සිහිපත් කරන්නේ දිගින් දිගටම කල්ගිය පළාත් පාලන මැතිවරණයද අවසානයේ පැවැත්වීමට හැකිවූයේ අධිකරණ නියෝගයක් අනුව බවයි.

ඒ අනුව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද එවැනි අධිකරණ නියෝගයක් ලබාගත හැකි දැයි දැන් කරුණු අධ්‍යයනය කරන බව ඔවුන් කියාසිටියා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව සඳහන් කළා.

කැෆේ සංවිධානය පවසන්නේ පළාත් සභා මැතිවරණ කල්යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වගකිවයුතු බවයි. එහි විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මේ බව සඳහන් කළා.

පළාත් සභා මැතිවරණය මෙලෙස කල්යාමට එරෙහිව අධිකරණයේ සහන පැතීමට තමන්ද අපේක්‍ෂා කරන බවයි කැෆේ සංවිධානය මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර මැතිවරණ කොමිසම පැවසුවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග මොනවා දැයි කරුණු අධ්‍යයනය කරන බවයි. දැනටමත් ඒ සඳහා විවිධ පියවර ගෙන ඇතැයිද ඔවුන් පැවසුවා.