ලංකාවටම කුඩු බෙදන මධ්‍යස්ථානය වැටලූ සුපිරි මෙහෙයුම | Colombocall ලංකාවටම කුඩු බෙදන මධ්‍යස්ථානය වැටලූ සුපිරි මෙහෙයුම - Colombocall

Hot News

ලංකාවටම කුඩු බෙදන මධ්‍යස්ථානය වැටලූ සුපිරි මෙහෙයුම







රුපියල් කෝටි 440 කට අධික වටිනාකමින් යුත් මත් කුඩු කිලෝග්‍රෑම් 275 ක් සමග බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනකු දෙහිවල, කව්ඩාන පාරේ සුපිරි දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වී තිබේ.

මෙම සුපිරි දෙමහල් නිවස මොවුන් ලංකාවටම මත් කුඩු බෙදාහරින ප්‍රධානතම ගබඩාව ලෙස භාවිත කර ඇතැයි හෙළිවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ මාධ්‍යයට පවසනවා. ලංකාවේ මෙතෙක්‌ හමුවූ විශාලතම මත් කුඩු තොගය මෙය බවද එම නිලධාරියා පවසනවා.

මොවුන් මෙම මත් කුඩු ඇෆ්ගනිස්‌ථානයේ සිට නැව් මගින් සහ ගුවන් මගින් ගෙන්වා පසුව වාහන වලින් සුපිරි දෙමහල් නිවසට රැගෙනවිත් ගබඩා කර ඇතැයි හෙළිව තිබේ.

මාස කීපයක සිට කුලී පදනම මත මේ නිවසේ හිඳිමින් ඔවුන් මෙම මහා පරිමාණ මත් කුඩු ජාවාරමේ නියෑළී ඇතැයි හෙළිවූ බවද මත් කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් මෙම බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා කොළඹ සුපිරි නිවාස හා ගොඩනැඟිලි පවා මිලදී ගෙන ධනවතුන් බවට පත්ව තිබේ.

අවුරුදු 35 හා 38 වයසේ පසුවන මෙම බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන යන බවද වාර්තා වේ.

දැනට මසක පමණ කාලයක සිට පොලිස් දෙපාර්තමේන්තුව පවතින්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ වන අතර එම කාල සීමාවේ විශාල වශයෙන් කුඩු මෙහෙයුම් සිදු වීම විශේෂත්වයකි