මෛත්‍රී යළි දිවයිනට පැමිණෙයි | Colombocall මෛත්‍රී යළි දිවයිනට පැමිණෙයි - Colombocall

Hot News

මෛත්‍රී යළි දිවයිනට පැමිණෙයි







සිංගප්පූරුවේ දෙදින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.

ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස රැගත් සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 468 දරන ගුවන් යානය ඊයේ (25) රාත‍්‍රී 11.16 ට පමණ කටුනායක ගුවන් තොටුපළට ළගා වූ බවයි  ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ  පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවට එක් වුණා. එහි ප්‍රධාන දේශණය ජනාධිපති ඔහු විසින් පැවැත්වීමද විශේෂත්වයක්.